සෞඛ්‍ය අමාත්‍යාංශ කුණු මුල්ලේ… හමුදාව තරුණසේවා සභාව සමග හම්බන්තොටට ෆයිසර් ගසයි….

පසුගියදා ලැබුණු ෆයිසර් එන්නත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 18ත් 30ත් අතර තරුණ තරුණියන්ට ලබා දීමට පියවර ගෙන ඇත.

මෙම එන්නත්කරණය ශ්‍රි ලංකා යුද හමුදාව විසින් ජාතික තරුණ සේවා සභාවද සම්බන්ධ කරගෙන අද දින ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණ ද මෙම කටයුත්ත හෙට(03) සිට දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක ක්‍රියාත්මක වන බව හම්බන්තොට සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කළේය.

කෙසේ වුවද සෞඛ්‍ය අංශ මේ සම්බන්ධයෙන් හේතු කිහිපයක් නිසා විමතිය පළ කරන බව ලංකාසරට අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යංශ ඉහළ පෙළේ නිලෙධාරියෙක් සඳහන් කළේය. ඔහුට අනුව මෙම එන්නත් හම්බන්කොට තරුණයන්ට ලබා දීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ සෘජු මැදිහත්වීමත් සිදු ව නොමැති බව සඳහන් කළ අතර එය සම්පූර්ණයෙන්ම යුධ හමුදාව විසින් සිදු කරනු ලබන්නේ රජයට හිතවත් ව ක්‍රියා කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේද විරෝධය මැද බව සඳහන් කළේය.


මේ වනවිට ශ්‍රි ලංකාවට ෆයිසර් එන්නත් මාත්‍රා 764560ක් ලැබී ඇති අතර එයින් මේ වනවිට එන්නත් ලක්ෂ 5ක් පමණ මේ වනවිට පළමු සහ දෙවන මාත්‍රා ලෙස ලබා දී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සෞඛ්‍ය අංශ මෙරටට පැමිණි ෆයිසර් එන්නත් මුලින්ම දැනට දැඩි අවදානමක පසුවන ඉදිරිපෙළ සෞඛ්‍ය අංශ සේවකයන්ගේ දරුවන්ට ලබා දීමට ප්‍රමුඛත්වය දෙන ලෙස ඉල්ලා සිටියද මෙතේ ඒ පිළිබඳව අවධානය යොමුව නැති අතර වෛද්‍ය අංශ රජයට පෙන්වා දී ඇත්තේ හැකි තරම් සයිනෝෆාම් එන්නත් වයස අවුරුදු 18ත් 30ත් අතර කොටසකට ලබා දෙමින් කුඩා දරුවන් සහ දැඩි අවදානම් තත්ත්වවල පසුවන පුද්ගලයන් සඳහා ෆයිසර් ලබා දිමට කටයුතු කරන ලෙසය.

Exit mobile version