සෞඛ්‍යයෙන් අධ්‍යාපනයට ගිය ත්‍රිපෝෂ නිශ්පාදනය නැත්තටම නැති වෙන ලකුණු…

මාතෘ හා ළමා පෝෂණය බරපතල අර්බුදයක... සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි...

නතාෂා නෙත්මිණි –                                                   

සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පැවති ත්‍රිපෝෂ නිෂ්පාදනය අධ්‍යාපන අමාත්‍යංශය යටතට පැවරීම හේතුවෙන් මාතෘ හා ළමා පෝෂණය බරපතල අර්බුදයකට පත්ව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සදහන් කරයි. 

මාතෘ හා ළමා මන්දපෝෂණය වලක්වා ගැනීම සදහා අතිරේක ආහාරයක් ලෙස ලබා දෙන ත්‍රිපෝෂ , වෛද්‍ය නිර්දේශයන් මත සුපරික්ෂණයක් යටතේ ලබා දියයුත්තක් බැවින් අධ්‍යාපන අමාත්‍යංශයේ අධ්‍යාපන සේවා යටතට පැවරීමෙන් වෛද්‍ය නිර්දේශයන් හෝ සුපරික්ෂණයක් සිදුනොවන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.

කෙසේ නමුත් මේ වන විට ත්‍රිපෝෂ නිෂ්පාදනය සියයට 30ක් දක්වා අඩුවී ඇතිබැවින් ඉදිරියේදී මාතෘ හා ළමා සායනයන් වෙත ත්‍රිපෝෂ බෙදා හැරීම නතර වීමේ අවදානමක් මතුව ඇතැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසිය‍.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තිරිගු අස්වැන් අඩුවීම, තිරිගු අස්වැන්න වැඩිමිල ගණන් යටතේ කුකුළු කෑම නිෂ්පාදනය සදහා මිලදි ගැනීම වෙළදපොල සදහා සුපෝෂ නිෂ්පාදනය කිරීම වැනි හේතු මත ත්‍රිපෝෂ නිෂ්පාදනය අඩාල වී ඇතැයිද පැවසේ

 

Exit mobile version