සොයිසා රෝහලේ දී කොවිඩ් මවකට සිවු නිවුන් දරු උපතක්…

නතාෂා නෙත්මිණි –                                               

දෙමටගොඩ ප්‍රදේශයේ කොවිඩ් ආසාදිත මවක්  කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ දී ඊයේ (17) සිව් නිවුන් දරුවන් බිහිකළ බව රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය රුවන් පතිරගේ මහතා සදහන් කළේය.

හුස්ම ගැනීමේ අපහසුව සහිතව සති 28  රෝහල් ගත කල අතර කරන ලද පීසීආර් පරික්ෂණයේදී කොවිඩ් ආසාදිත මවක් බව තහවුරු වීමෙන්  ඇයව අනෙකුත්  මව්වරුන්ගෙන් වෙන්කර විශේෂිත කාමරයක් තුල රදවා රැකබලා ගැනීමට සිදු වු බවද සදහන්වේ..

සති 30 වන විට මවට ඇතිවූ රෝග තත්ත්වයන් හේතුවෙන් සිසේරියන් සැත්කමකින් දරුවන් ලබාගැනීමට කටයුතු කළ බවත් දරුවන් තිදෙනෙකු සාමාන්‍ය තත්ත්වයේ පසු වුවත් එක් දරුවෙකුට හුස්මගැනිමේ අපහසුතාවයෙන් පසුවන බැවින් ඔක්සිජන් ලබා දීමට කටයුතු කරන බවද  විශේෂඥවරයා පැවසීය.


දියණියන් දෙදෙනෙකු සහ පුතුන් දෙදෙනෙකු ලෙස මෙම සිව්නිවුන් දරු උපත සිදුව ඇතැයිද පැවසේ. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ නමුත් කොවිඩ් ආසාදිත මව්වරුන් දරුප්‍රසූතියන් සදහා මුල්ලේරියාව රෝහලට ඇතුලත් කලද දරුවන් හතර දෙනෙකු රැකබලා ගැනිමට එම රෝහලට තුල ඉඩ පහසුකම් නොමැති වීම හේතුවෙන් මෙම මව රෝහල තුලම රදවා තබා ගැනීමට කටයුතු කළ බව ද විශේෂඥවරයා සදහන් කළේය.

 

Exit mobile version