සුඩානයේ කොටුවී සිටි ලාංකිකයින්  41 දෙනෙකුගෙන් 13ක් මුදා ගැනේ…

සුඩානයේ සිටි පළමු ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම සාර්ථකව ඉවත් කර ගත් බව විදේශ ඇමති අලි සබ්රි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

සුඩානයේ කොටුවී සිටින ශ්‍රී ලාංකිකයින් 41 දෙනෙකුගේ තොරතුරු ලැබී තිබුණු අතර ඉන්  13 දෙනෙක් මුල් කණ්ඩායම ලෙස මෙසේ මුදාගෙන ඇත.

එම කණ්ඩායම ජේඩාවලට ගොඩ බසින ලද බවත් ජෙඩාහි වැඩ බලන කොන්සල් ජෙනරාලවරයා විසින් ඔවුන් පිළිගනු ලැබූ බවත් ඇමතිවරයා පවසයි.

මෙම මෙහෙයුම සඳහා ලබා දුන් සහයෝගය පිළිබඳව ඇමතිවරයා සෞදි අරාබි රාජධානියට කෘතඥතාවය පල  කර තිබේ.


තවමත් සුඩානයේ කොටු වී සිටින පුද්ගලයින් 28 දෙනා ඉන්දියාවේ හෝ සෞදි අරාබියේ සහයෙන් ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇතැයි ඇමතිවරයා අද දෙරණ වෙත පවසා තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version