සිංහරාජය මැදින් යන පාර ගැන මහාමාර්ග ලේකම් මෙසේ කියයි

සිංහරාජ වනාන්නතර ආසන්නයේ සංවේදි පාරිසරික කලාපයට හානි පමුණුවමින් ඉදිකෙරෙන නෙළුව ලංකාගම මාර්ගයේ පාරිසරික වශයෙන් අධි සංවේදී කිලෝ මීටර 1.1ක කොටසේ ඉදිරියේදී හෝ කිසිදු ඉදිකිරීමක් සිදු නොකරන බව මහා මාර්ග අමාත්‍යංශයේ ලේකම් රංජිත් ප්‍රේමසිරි මහතා පවසයි.

ජනාධිපතිවරයා මෙම මාර්ගය පරිසරයට හානි සදුවන ලෙස ඉදි නොකරන ලෙස වනජීවි සහ වන සම්පත් අමාත්‍යවරයා වෙත උපදෙස් ලබා දී ඇති අතර ඒ අනුව මෙම තීරණයට එලඹි බව අමාත්‍යංශ ලේකම්වරයා පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කිලෝමීටර 18ක දිගින් යුතු මෙම මාර්ගය සාදන ලෙස එම ගම්වාසීන් විසින් කරන ලද ඉල්ලීමට අනුව එය සිදු කළ බව අමාත්‍යංශ ලේකම්වරයා තවදුරටත් සඳහන් කරයි.


Exit mobile version