සැප්තැම්බරයේ එතැයි කියන ඊලඟ කොවිඩ් රැල්ලෙන් බේරන්න… දරුවන්ට එන්නතක් දෙන්න…

Covid-Child

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සැප්තැම්බර් මාසය වන විට කොවිඩ් මීලඟ රැල්ල පැමිණීමට නියමිත බවට විශේෂඥයින් මත පළ කරන බැවින් රටේ සියලුම දරුවන්ට කොවිඩ එන්නත ලබා දිමට වහාම කටයුතු කළ යුතුයැයි ළමා රෝග විශේෂඥවරුන් සෞඛ්‍ය බලධාරීන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

කොවිඩ් රෝගයට මේ දක්වා දරුවන් 1000ක් දෙනා ගොදුරුව ඇති බවත් මින් දරුවන් 5 දෙනෙකු මිය ගොස් ඇති බවත් ළමා රෝග විශේෂඥ දීපාල් පෙරේරා සඳහන් කරයි.

කොවිඩ් පළමු රැල්ල වැඩිහිටි ජනගහණයට දැඩි බලපෑම් එල්ල කර ඇති අතර කොවිඩ් දෙවන රැල්ල තරුණ ජනගහණයට බලපෑම් එල්ල කර තිබෙන බව පෙනෙන්නට තිබෙන්නේ යැයිද සඳහන් කරන වෛද්‍ය දීපාල් ඉදිරියට පැමිණිමට නියමිත කොවිඩ් රැල්ල දරුවන්ට කෙසේ බලපෑම් ඇති කරයිද යන්න කිව නොහැකි බව ඔහු පෙන්වාදේ.

මේ වනවිට ලෝකයේ දියුණු යැයි සැලකෙන ඇතැම් රටවල් දරුවන්ට ෆයිසර් හා මොඩානා එන්නත් ලබා දී ඇති බැවින් එම එන්නත් හෝ ගෙන දරුවන්ට ඉක්මනින් ලබා දීම සුදුසු යැයිද ඔහු පෙන්වාදේ.

Exit mobile version