සාමාන්‍ය පෙළ කල් තබනවා ද?.. නැද්ද? තීන්දුව සතියක් තුළ

අධ්‍යාපන ඇමති පාර්ලිමෛ්න්තුවේ දී කියයි

2020 වසරේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය නියමිත පරිදි පැවැත්වීම හෝ කල් තැබීම පිළිබඳව තීරණය මෙම සතිය තුළ ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල් ීරිස්  අද (28) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේ වනවිට ජනවාරි මාසයේ 18 වැනිදා සිට 27 වැනිදා දක්වා දින දිනයම කර තිබුණද වර්තමාන වසංගත තත්ත්වය මත දැනට වසා දමා ඇති පාසල් යළි විවෘත කිරීමට අපහසුතා පවතී නම් ඒ අනුව සාමාන්‍ය පෙළ විභාගය නියමිත දිනවල පැවැත්වීම කිසිසේත් නුසුදුසු බව ද අමාත්‍යවරයා පැවසීය.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ශාන්ත බණ්ඩාර  විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා මේ වනවිට රටේ පවතින පාසල් දස දහසකට ආසන්න ප්‍රමාණයකින් විවෘත කළ හැකිව තිබෙන්නේ හරි අඩක් පමණ බවත් බස්නාහිර පළාත සහ දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පාසල් පවත්වාගෙන යාමේ ගැටලුවක් පවතින බවත් සඳහන් කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ තත්ත්වය නිසා සිසුන් තුළ අසමානත්වයක් නිර්මාණය වී ඇති බවත් එවැනි පසුබිමක් තුළ සාමාන්‍ය පෙළ වැනි ශිෂ්‍යයන් සැමදෙනාම එකවර මුහුණ දෙන විභාගයක් පැවැත්වීම කිසිසේත් සුදුසු වන්නේ නැතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය. මෙම පාසල් ඉදිරි සති දෙක තුළ යළි විවෘත කිරීම සම්බන්ධයෙන් අදාල සෞඛ්‍ය බලධාරීන් සමඟ ද සාකච්ඡා කළ යුතු වන අතර ඒ පිළිබඳව හැකියාව ගැන සලකා බැලීමෙන් අනතුරුව යළි පාසල් ආරම්භ කිරීමට කටයුතු කරන්නේ යයි මහාචාර්ය ජී.එල් පීරිස් අමාත්‍යවරයා අද දින පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ මන්ත්‍රි ශාන්ත බණ්ඩාර විසින් යොමුකරන ලද ප්‍රශ්නයකට පිළිතුර වශයෙනි.

Exit mobile version