කොන්දොස්තරවරුන් බස්වලින් ඉවත් කිරීමේ යෝජනාවක්

නවීන තාක්‍ෂණය උපයෝගී කරගතහොත් කොන්දොස්තරවරුන් බස් සේවයෙන් ඉවත් කළ හැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

‘ද මෝනිං පුවත්පතට’ ප්‍රකාශයක් කරමින් එහි සභාපති ගැමුණු විජරත්න මහතා පැවසුවේ පුද්ගලික බස් හිමියන් ඔවුන්ගේ දෛනික වැටුප ලෙස බස් කොන්දොස්තරවරයෙකුට දිනකට රු.3000ක් ගෙවන බවයි.

“අපි බස් පද්ධතියට තාක්‍ෂණය එක්කරන්නේ නම් අපට බස් කොන්දොස්තරවරුන් අවශ්‍ය නෑ. නිදසුනක් ලෙස ස්මාර්ට් කාඩ් පද්ධතිය මඟින් කොවිඩ් -19 පැතිරීමේ අවදානම සහ පැතිරීම අවශ්‍යතාවය අඩු කරනවා. මේ පිළිබඳව අප ජනතාව දැනුවත් කළ යුතුයි. මුදල් නෝට්ටු සහ කාසි භාවිතය පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන මගීන් අතර කොවිඩ් -19 පැතිරීමේ අවදානම වැඩි කරනවා” ඔහු පැවසීය.


“පවතින කෝවිඩ් -19 තත්ත්වය හේතුවෙන් අපට ඉහළ මගීන් සංඛ්‍යාවක් නංවාගත නොහැකියි. අපගේ බස් රථ අඩු ධාරිතාවයකින් ධාවනය වෙන්නෙ. අපට මීට පෙර බස් රථ 20,000 ක් පමණ ධාවනය වුණා. දැන් එය 12,000 දක්වා අඩු වෙලා. අපි වැටුප් ගෙවන්නේ කොහොමද? මේ සඳහා රජය නිසි විසඳුම් ලබා දිය යුතුයි. පෞද්ගලික බස් අංශය පොදු ප්‍රවාහන ආයතනයකින් ප්‍රතිව්‍යුහගත කළ යුතු බව” ඔහු පැවසීය.

කෙසේ වෙතත්, බස්නාහිර පළාත් මාර්ග මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව කියා සිටියේ බස් කොන්දොස්තරවරුන් ඉවත් කිරීම පිළිබඳව රජය සලකා බලන්නේ නැති බවත් එය පවතින ගැටලුවලට විසඳුමක් නොවන බවත්ය.

“අපට විවිධ මාර්ගවල කොන්දොස්තරවරුන් 12,000 ක් පමණ සේවය කරනවා. ඔවුන් ඉවත් කිරීම සදාචාර විරෝධී හා අසාධාරණයි. එම පියවර ගැනීමේ අවශ්‍යතාවයක් ඇතැයි මම හිතන්නෙ නෑ.” ඔහුට අනුව ස්මාර්ට් කාඩ් පද්ධතියට මගීන්ට මග පෙන්වීම සඳහා කොන්දොස්තරවරුන් අවශ්‍ය වේ.

“කොන්දොස්තරවරුන් පුහුණු කිරීම සහ සේවාව පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය සම්පන්න විසඳුමක් පිළිබඳව අපි සලකා බලමින් සිටිනවා. කෝවිඩ් -19 වසංගතය හේතුවෙන් පෞද්ගලික බස් අංශය ගැටළුවලට මුහුණ දී සිටින බවත් රජය ඒ පිළිබඳව හොඳින් දන්නා බවත් ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් මොන්ටි රණතුංග මහතා කීය.

“බස් හිමියන්ගේ වර්තමාන තත්ත්වය අපට වැටහෙනවා. කෙසේ වෙතත්, කොන්දොස්තරවරුන් ඉවත් කිරීම විසඳුමක් යැයි අපි හිතන්නෙ නෑ, එය තවත් ගැටළුවක් ඇති කරයි. ” ඔහුට අනුව රජය එවැනි පියවරක් ගන්නේ නම් විරැකියාව ඊළඟ ප්‍රශ්නය විය හැකිය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ස්මාර්ට් කාඩ් පද්ධතිය සඳහා අමාත්‍ය මණ්ඩල තීරණයක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර, ව්‍යාපෘතියෙන් අපට ලැබෙන ආදායමෙන් කොටස් වලින් 0.03% ක් රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට ලබා දීමට අපි බලාපොරොත්තු වෙමු, එබැවින් බස් කොන්දොස්තරවරුන්ට යම් සහනයක් ලැබේවි.”

Exit mobile version