ස්පුට්නික් දෙවන මාත්‍රාව ප්‍රමාද ඇයි ?

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී එන්නතේ දෙවන මාත්‍රාවේ පවතින හිඟයට එහි නිෂ්පාදන ක්‍රියාවලියේ ඇති වූ ගැටලුකාරී තත්ත්වයක් සහ එන්නතේ නව වැඩිදියුණු කිරීමක් හේතුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව මේවන විට ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් රටවල් රැසක් එන්නතේ දෙවන මාත්‍රාවේ හිඟවීමෙන් ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දී තිබේ.

වෙනත් කොරෝනා මර්ධන එන්නතට වලට වඩා වෙනස් වූ මෙම එන්නතේ පළමු මාත්‍රාවට වඩා වෙනස් වූ සංරචක එහි දෙවන මාත්‍රාවේ ඇතුලත් වන බැවින් දෙවන මාත්‍රාව විශේෂයෙන්ම නිපදවීම සිදුකෙරේ.


මේ හේතුවෙන් පවතින නිෂ්පාදන ක්‍රියාවලිය වඩා වේගවත් කරමින් කඩිනමින් එන්නතේ දෙවන මාත්‍රා ලබාදීමට පියවර ගන්නා බව ස්පුට්නික් එන්නතට මූල්‍ය සහය ලබාදෙන රුසියාවේ සෘජු අයෝජන පදනම පසුගිය මස මුලදී ප්‍රකාශ කර තිබිණි.

එහිදී එම පදනම සඳහන් කර ඇත්තේ සැප්තැම්බර් මාසය වන විට අවශ්‍ය තරම් දෙවන මාත්‍රා ලබාදීම හැකි වන බවත් ඒ සඳහා ලොව විශාතම එන්නත් නිෂ්පාදන සමාගමක් වන ඉන්දියාවේ සේරම් ආයතනය සමඟ එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.

මේ අතර ස්පුට්නික් වී එන්නතේ දෙවන මාත්‍රාව හිඟවීම හේතුවෙන් ඉන්දියාවේද එන්නත්කරණ වැඩසහටහන බාදා සිදුව තිබේ.

මේ සම්බන්ධයෙන් එරට ජාතික තාක්ෂණික උපදේශක කණ්ඩායමේ ප්‍රතිශක්තිකරණ පිළිබඳ සභාපති වෛද්‍ය එන්. කේ. අරෝරා ඊයේ (2) ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පතට ප්‍රකාශ කර ඇත්තේ දෙවන මාත්‍රාව නිෂ්පාදනයට යම් කාලයක් තාක්ෂණික වශයෙන් ගත වන බැවින් ස්පුට්නික් වී එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම ප්‍රමාද විය හැකි බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් ස්පුට්නික් වී එන්නතේ දෙවන මාත්‍රාව නොලැබීම හේතුවෙන් රටවල් රැසක් සිය එන්නත්කරණ වැඩපිළිවෙලේ ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දී ඇති බවටද වාර්තා වේ.

Exit mobile version