සහල් මිල මෙල්ල කිරීමට ආණ්ඩුවෙන් තවත් උපායක් ! සහල් ගබඩා හදිසි පරීක්ෂාවකට!  

මෙරට සියලුම සහල් නිෂ්පාදකයන්ගේ තොග ගබඩා හදිසි පරීක්ෂාවකට ලක් කිරීමට පාරිභෝගික අධිකාරිය කටයුතු කරමින් සිටී. මෙම සහල් නිෂ්පාදකයන්ට පසුගියදා විහේෂ ගැසට් නිවේදනයක් මඟින් තමන් සතුව පවතින සහල් තොග පිළිබඳව තොරතුරු සංඛ්‍යා ලේඛන ලබා දෙන ලෙස එම අධිකාරිය දන්වා සිටි අතර ඒ සඳහා ලබා දී තිබූ කාලය පසුගිය සිකුරාදායින් අවසන් විය. මෙම ඉල්ලීමට අනුව බොහෝ සහල් නිෂ්පාදකයන් තම සංඛ්‍යාලේඛන ඉදිරිපත් කර තිබූ අතර ඒවා යළි තහවුරු කරගෙන ඉදිරි දින කිහිපයේදී සහල් මිල පාලනය කිරිමට අදාල පියවර ගැනීම සඳහා මෙසේ ක්‍රියා කරන බව පාරිභෝගික අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාසරට පැවසීය.

මෙම තොරතුරු මත ඔවුන් සතුව පවතින සහල් තොගවලින් කොටසක් රජය මඟින් මිල දී ගෙන පාරිභෝගිකයන්ට තරගකාරී මිලකට අලෙවි කිරීම සම්බන්ධයෙන් මේ වනවිට රජයේ අවධානය යොමු ඇති බව වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන් අද පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවද සඳහන් වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට වෙළෙඳපොලේ සහල් මිල ඉතා ඉහළ ගොස් ඇති අතර  මිල පාලනයක් ක්‍රියාත්මක වුවද එයට අනුගත නොවී සෑම ප්‍රදේශයකම සහල් අලෙවි කරනු දැකිය හැකිය. මේ වන තෙක් පාරිභෝගික අධිකාරිය විසින් සිදු කරන ලද්දේ මෙම සහල් අලෙවි කරන සිල්ලර වෙළෙඳුන්ට නීතිය හමුවට පැමිණවීම වුවද මෙම මිල නියම කිරීම සිදුවන්නේ සහල් ඒකාධිකාරයක් රඳවා ගෙන සිටින මහා පරිමාණ සහල් නිෂ්පාදකයන්ය. ඔවුන් මේ වනවිට සහල් අලෙවියෙන් ඉතා අධික ලාබයක් උපයන අතර  සහල් වෙළෙඳපොල පිළිබඳ විශ්ලේශකයකු සඳහන් කළේ කීරි සම්බා කිලෝ ග්‍රෑම් එකකින් රුපියල් 80ක පමණ ලාබයක් ලබන අතර ඒ අනුව කිලෝ ග්‍රෑම් 5ක සහල් මිටියකින් ඔවුන් රුපියල් 400ක් තරම් අධික ලාබයක් ලබන බවය. සෙසු සහල්වර්ගවල මිලද මේ වනවිට ඉතා ඉහළ ගොස් ඇති අතර සම්බා සහල් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 170ත් 190ත් අතර මිල පරාසයක් යටතේ අලෙවි වනු දැකිය හැකිය.


Exit mobile version