සහල් උපරිම මිල ගැන යළිත් අති විශේෂ ගැසට් එකක්

වෙළෙඳපොළේ සහල් යළිත් උපරිම සිල්ලර මිල ඉක්මවා අලෙවි කිරීම හේතුවෙන් පෙර පැවැති මිල ගණන් යළිත් වරක් අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශ කිරීමට රජය අද පියවර ගෙන තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ප්‍රකාශ කරන ලද මෙම අති විශේෂ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර ඇත.

ඒ අනුව වාෂ්පයෙන් තැම්බූ සුදු /රතු සම්බා සහල් සහ සුදු / රතු කැකුලු සම්බා කිලෝ ග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 94ක් ලෙසත් සුදු / රතු නාඩු සහල් කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 92ක් ලෙසත් ප්‍රකාශයට පත් කර ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහි සුදු හෝ රතු කැකුළු උපරිම සිල්ලර මිල ලෙස සඳහන් කොට ඇත්තේ රුපියල් 89කි.

Exit mobile version