සර්ප දෂ්ඨනයෙන් රෝහලේ සිටින ශිවාජි මහ විරු දිනය සමරන බව සහතික කර කියයි…

දිනසේන රතුගමගේ –

සර්පයෙකු දෂ්ඨ කිරීම නිසා දින දෙකක් රෝහල් ගතව සිටි උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මහතා 22 දා සවස යාපනය රෝහලෙන් පිටව ගොස් තිබේ.

ඒ අවස්ථාවේදී යාපනයේ මාධ්‍යවේදීන්ට ඔහු ප්‍රකාශ කොට ඇත්තේ මහවිරුවන් සැමරීමට තමන්ට  අවස්ථාව ලැබෙන පරිදි ඉතා ඉක්මනින් සුවය ලබාදීමට කටයුතු කළ රෝහල් කාර්ය මණ්ඩල වලට තමන් ස්තූතිවන්ත වන බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අධිකරණ නිරෝගයේ සදහන් වන්නේ ජනතාව ඒකරාශී කොට මහවිරු උළෙල සැමරීම නීති විරෝධී බව යැයි පවසන ශිවාජිලිංගම් තමන් එදිනට  මියගිය පිරිස සමරා මහවිරු උලෙල සමරණ බවද ප්‍රකාශ කොට තිබේ.


Exit mobile version