සම්පායෝ අත්අඩංගුවට ගැනීමේ පොලිස් නාටකය ගැන නීතිපති ආරක්ෂක ලේකම්ට කියයි

බන්ධනාගාරගත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු අපරාධකරුවන්ට බන්ධනාගාරය තුළ දී විශේෂ වරප්‍රසාද නීති විරෝධී ආකාරයෙන් ලබා දී ඇති බවට චෝදනාවට ලක්ව ඊයේ පොලිස් අත්අඩංගුවට පත් වූ මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය ක්‍රියා කළ ආකාරය සහ ඔහුට මීගමුව පොලිසියේදී ලද විශේෂ සැපසහසුකම් පිළිබඳව අද උදෑසන නීතිපතිවරයා විසින් ආරක්ෂක ලේකම්වරයා වෙත දැනුම්වත් කළ බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී ප්‍රකාශ කළේය.

දිලීප පීරිස් මහතා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේඅසැකකාර අනුරුද්ධ සම්පායෝ අධිකරණය වෙත ඉදිරිපත් කප අවස්ථාවේදී ඔහුට ඇප ලබා දිමට විරෝධය පළ කරමින් සිදු කරන ද කරුණු දැක්වීමේදීය.

මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේදී විභාග වුණු මෙම නඩුවේ දී දිලීප පීරිස් මහතා ප්‍රකාශ කළේ ඊයේ කුරුණෑගල දී පොලිස් අත්අඩංගුවට පත් වූ අකාරය සම්බන්ධයෙන් සිදුවූ සිදුවීම් පෙළ පිළිබඳ ව පොලිස්පතිවරයාගේ ද අවධානය යොමු විය යුතු බව සහ මේ පිළිබඳව සොයා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස වැඩ බලන පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසයි.


සැකකාර අනුරුද්ධ සම්පායෝ සෙසු බන්ධනාගාර නිලධාරීන් තුන් දෙනා අද අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු අතර සම්පායෝ නියෝජනය කළ නීතිඥයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ දැනට අංශභාග තත්ත්වයේ සිටින සිය බිරිඳ දැඩි මානසික පීඩාවට ලත්ව ඇති බව සහ ඔහුගේ දියණිය වෛද්‍ය සිසුවියක වන බැවන් ඔවුන්ගේ මානසිකත්වය සලකා ඔහුට දැනට පවතින චෝදනා ඇප ලැබිය හැකි ඒවා බැවින් ඇප ලබා දෙන ලෙසය.

එසේ වුවද ඊට විරෝධය පළකළ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා ප්‍රකාශ කළේ ඔහු වෙනත් වරෙන්තුකරුවන්ට වඩා වෙනස් ස්වරූපයෙන් කටයුතු කළ බවය. එසේම ඔහු අත්අඩංගුවට පත්වීමේ ක්‍රියාලියද ප්‍රශ්න සහගත බව සඳහන් කළ සඳහන් නියොජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කුරුණෑගල සිටින පුද්ගලයකුට අධිකරණ ව‍රෙන්තුවකට අනුව පොලිසියට බාර වීම මීගමුවේ කිලෝ මීටර 72ක් ගෙවා මීගමුව පොලිසියෙන්ම යෑම ප්‍රශ්න සහත බවය.

එසේම මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂක ෆෙඩ්රික් වුඩ්ලර් ඔහුගේ පාසලේ ආදි ශිෂ්‍යයකු ව බැවින් වරද කියා දී කුරුණෑගලදී අත්අඩංගුවට පත් බව දන්වා ඇති බවත් සම්පායෝ ද මේ බව තම කටඋත්තරයේ සටහන් කර ඇති බවද පැවසූ දිලීප පීරිස් මහතා මීගමුවට රැගෙන ආ සම්පායෝට වෙනත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වඩා වෙනස් ස්වරූපයෙන් ක්‍රියාත්මක වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය. ජීප් රථයේ පසුපස ආසනයේ ටයි කෝට් පැළඳ පැමිණි ඔහුට මාධ්‍යවලට ප්‍රකාශ ලබා දිමට ද පොලිසිය ඉඩ ලබා දී ඇති අතර මීගමුව පොලිසිය රජ දහනක් කරගෙන තේ පැන් සංග්‍රහයක් ද පවත්වා ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේම මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා උදෑසන 9.00ට පමණ පොලිස් ස්ථානයෙන් පිටත්ව අදාළ අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණේ පස්වරු 3.35ට පමණ බවය. මේ අතර සිදුවූ ක්‍රියාදාමය කුමක්ද යන්න සීසීටීවි විමර්ශෂණය කොට අධිකරණයට වාර්තාවක් දෙන ලෙස ද දිලීප පීරිස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඔහු එහිදී අනාවරණය කළේ මෙම සිදුවීම් සම්බන්ධයෙන් අද උදෑසන නීතිපතිවරයා ආරක්ෂක ලේකම්වරයාද දැනුම්වත් කිරීමට පියවර ගත් බවය.

Exit mobile version