සඳ තරණ ව්‍යාපෘතියේ අවසන් 17ට තේරුණු අපේ දියණිය සඳලි…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Dear moon ව්‍යාපෘතිය යටතේ සඳ තරණය සඳහා ආධුනික ගගනගාමීන් තොරා ගැනීම සඳහා රටවල් 249 අතුරෙන් ඉදිරිපත් වූ අයදුම් පත්‍ර මිලියනයකින් පමණ තෝරාගත් 17 දෙනෙක් අතරට තේරී පත්වූ ශ්‍රී ලංකාවේ සඳලි කුමාරසිංහ ඊයේ (17) හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවූ බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශය නිවේදනය කළේය.

මේ 17 දෙනා අතරෙන් 08 දෙනෙකුට සඳ තරණය කිරීමේ සුවිශේෂී අවස්ථාව හිමිවන බවත් එම කණ්ඩායම වර්ෂ 2023 දී සඳ වෙත රැගෙන යෑමට ජපානය බලාපොරොත්තු වන බවත් වාර්තා වේ.

මේ 17 දෙනාගේ කණ්ඩායමට වයස අවුරුදු 20ක් වන සඳනි සහ බොහෝ දෙනාගේ අවධානයට දිනාගත් ඇමරිකාවේ අලෙස්සා නිකොලා(20) ද තේරී පත්වී සිටිති. මේ කණ්ඩායමේ සිටින ලාබාලම තරුණියන් දෙදෙනා මොවුන්ය.

වර්ෂ 2019 දී සදලී දියණියට ඇමරිකාවේ නාසා ආයතනයේ තාරකා විද්‍යාව සහ ගගනගාමී පාඨමාලාව හැදෑරීමට ශිෂ්‍යත්වයක් හිමිවූ පසු එම පාඨමාලාව හැදෑරීමට තමන්ට තිබෙන අපහසුතා සඳහන් කළ අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයා මේ දියණියට උපකාර කර ඇත.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා හමුවී තමා ලබා තිබෙන ජයග්‍රහණය ගැන ඔහු හා සංවාදයේ යෙදීමට සඳුනි හිටපු ජනපති තුමාව හමු වී තිබේ.

අවසන් 8 දෙනාහට තේරී පත් වී සඳ තරණය කිරීමේ භාග්‍යය උදාකර ගෙන රටට ගෞරවයක් සහ කීර්තියක් ගෙන දෙන ලෙස හිටපු ජනාධිපතිවරයා ඇයට සුබ පතා තිබේ.

Exit mobile version