සනත්ගේ නැට්ටේ එල්ලී  ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවන් වෙන්න හිටපු ක්‍රීඩක පිරිසක් හිඟමනේ යති…

ක්‍රිකට් තරග පරාජයන් හමුවේ ක්‍රිකටවලට සම්බන්ධ පුහුණුකරුවන්ගේ සංශෝධනයක් සිදුවිය යුතු බවට ක්‍රිකට් බලධාරීන් අවධානය යොමු කොට ඇතත් සිම්බාබ්වේ සංචාරයක් අත ළඟ තිබියදී තවමත් එවැන්නක් සිදුව නොමැති බව වාර්තා වේ.

ප්‍රධාන පුහුණුකරු සිල්වර්වුඩ්ගේ කොන්ත්‍රාත්තුව ජනවාරි මස අවසන් වීමට නියමිත අතර ඔහු මේ වන විට තම පවුලේ අය සමග නත්තල් නිවාඩුව ගත කරමින් සිටී.

අතිශයින් දුර්වල සහායක පුහුණුකරුවන්ද තවමත් එසේමය. පඩියට අමතරව බෝනස්ද ලබති.

මේ අතර අලුතින් පත් කළ උපදේශක සනත් ජයසූරියගේ නැට්ටේ එල්ලී පුහුණු අංශයට රිංගීමට තව පිරිසක් මාන බලමින් සිටී.


මේ සමහරු ලංකාව එපා කියමින් විදෙස් රටවල පදිංචියට ගිය අය වීමද විශේෂත්වයකි.

මෙවැනි එක් හිටපු ක්‍රීඩකයකු මේ දිනවල මාධ්‍යකරුවන් අමතමින් සම්මුඛ සාකච්ඡා ලබා දෙමින් සිටින අතරතුර හිටපු ක්‍රීඩා ඇමතිවරයකු ලවා බලපෑම් සිදු කරමින් සිටී. මොහු කලක් පොහොට්ටුවෙන් දේශපාලනයේද නිරත වූ විවිධ චෝදනා එල්ල වූ අයෙකි.

කලක් ක්‍රිකට් ආයතනයේ සේවය කරමින් සිටියදී තරග පාවා දීමේ චෝදනාවකට රැකියාවෙන් පහ කරනු ලැබූ අයකුද මේ අතර වේ.

මේ අතර තවත් හිටපු ක්‍රීඩකයකු තමන් “ඒ” කණ්ඩායමේ කළමනාකරු  කරන මෙන් ක්‍රීඩා ඇමති පසුපස යන බවත් වාර්තා වේ. මොහු මීට පෙර කනිෂ්ඨ කණ්ඩායමක කළමනාකරු ලෙස කටයුතු කරමින් සිටියදී චෝදනා රැසක් ලැබූ අයකු වීම විශේෂත්වයකි.

පසුගියදා කාන්තා කණ්ඩායමේ සහායක පුහුණුකරුවන් ලෙස සම්මුඛ පරීක්ෂණ පවත්වා තෝරා ගෙන ඇත්තේද එස් එස් සී ක්‍රීඩා සමාජයේ සිටින අඩු සුදුසුකම් ඇති පුහුණුකාරිනියකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වන විට ඉඟුරු දී මිරිස් ගන්නා තත්ත්වයක් නිර්මාණය වී ඇති බවක් වාර්තා වේ.

Exit mobile version