“සංචාරකයන්ට අදාළ කොවිඩ් නීති කඩිනමින් වෙනස් කරන්න” – සංචාරක සභාපතිනියගෙන් රුසියාවේ සිට ලිපියක්

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා සමග මේ දිනවල රුසියාවේ සංචාරක ප්‍රවර්ධන කටයුත්තක සඳහා සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු මහත්මිය දැනට සංචාරකයන් සඳහා අනුගමනය කරන සෞඛ්‍ය රෙගුලාසි කිහිපයක් කඩිනමින් ඉවත්කරන ලෙස ඉල්ලා රුසියාවේ සිට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිපියක් එවා ඇති බව වාර්තා වේ.

එම ලිපිය මගින් ඇය ඉල්ලා ඇත්තේ සම්පූර්ණයෙන් එන්නත්කරනයට ලක්කරන ලද සංචාරකයන් සඳහා පැය 72 ක ට පළමුව ලබාගත යුතු PCR පරීක්ෂණ වාර්තාව ලබා ගැනීමේ අවශ්‍යතාව ඉවත් කිරීම, වයස අවුරුදු 12ට අඩු දොළහට අඩු දරුවන් සඳහා යුරෝපා සංගමයේ රෙගුලාසිවලට අනුකූලව PCR පරීක්ෂණ සිදු කිරීමේ අවශ්‍යතාව ඉවත් කිරීම, ගුවන් යානා කාර්යමණ්ඩල සම්පූර්ණයෙන් එන්නත් කරනයට ලක් කර සිටී නම් ඔවුන්ට පෞද්ගලික ආරක්ෂක කට්ටල (PPE) පැළඳීමේ අවශ්‍යතාව ඉවත් කිරීම සහ සම්පූර්ණයෙන් එන්නත් කරනයට ලක් කරන ලද සංචාරකයන්ට ගුවන් තොටුපලේදි සහ සංචාරක ගමන් බිමන් වල දී Rapid antigen පරීක්ෂාව පමණක් සිදු කිරීමට අවසර දෙන ලෙස මෙසේ ඉල්ලා ඇති බව සඳහන් වේ.

රුසියාවේ සිට එවන ලද එම ලිපිය මගින් ඇය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත අවධාරණය කර ඇත්තේ පසුගිය සතියේ ජනාධිපතිවරයා සමග සිදුකරන ලද සාකච්ඡාවකට අනුව සංචාරක ක්ෂේත්‍රයේ යළි පිබිදීමක් සඳහා අවශ්‍ය කරන මෙම පියවර කඩිනමින් ලබා ගත යුතු බව ය.


මෙම ලිපිය තුල දැනට අමාත්‍යවරයා සහ රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු කණ්ඩායම රුසියාවේ මොස්කව් නුවර දී සාකච්ඡා සම්බන්ධයෙන් ද දැනුවත් කර ඇති අතර එහිදී ඇය සඳහන් කර ඇත්තේ දැනට 25%ක ජනගහනයක් සඳහා එන්නත්කරනයට ලක් කර ඇති මිලියන 144කට ආසන්න ජනගහනයක් සිරිත් රුසියාව ශ්‍රී ලංකාවට තීරණාත්මක සංචාරක වෙළෙඳපොළක් විය හැකි බවට තමන් විශ්වාස කරන බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම කරුණු දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගෙන් ඇය ඉල්ලා ඇත්තේ හැකි ඉක්මනින් මෙම කොවිඩ් රෙගුලාසි ඉවත් කර එම කටයුත්තට සහාය දක්වන ලෙස ය.

Exit mobile version