ශ්‍රී ලංකාව පිළිබඳ ජිනීවා ඡන්දය කල් යයි

ස්විට්සර්ලන්තයේ ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ (UNHRC) ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම හෙට (23) දක්වා කල් දමා තිබේ.

ඡන්ද විමසීම අද පැවැත්වීමට නියමිතව තිබූණි.

නමුත් න්‍යාය පත්‍රයේ උපලේඛන ගැටළු හේතුවෙන් එය හෙට දක්වා කල් දමා ඇති බව වාර්තා වේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


A/HRC/46/L.1 කෙටුම්පත් යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම පැවැත්වෙන වේලාව දක්වා ඇත්තේ 09.00 (ජිනීවා වේලාවෙන්) පසුව බව ද සඳහන්‌ ය.

Exit mobile version