ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් 03කට කොවිඩ්..

ගුවන් නියමුවන් තුන්දෙනාම කන්දකාඩු යවයි....

කීර්ති ප්‍රනාන්දු – මිනුවන්ගොඩ –

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් තුන්දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි බණ්ඩාරනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපල ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

ගුවන් ගමනකට පෙර දින ගුවන් කාර්ය මණ්ඩලය පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කිරීමේ ක්‍රමවේදය අනුව සිදුකරන ලද පී.සී.ආර් පරීක්ෂණයක දී මෙම ගුවන් නියමුවන් තිදෙනා කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබේ.

මේ වනවිට මෙම නියමුවන් තිදෙනා කන්දකාඩු කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කර ඇතැයි එම ආරංචි මාර්ග කියයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම නියමුවන්ට කොවිඩ් ආසාදනය වී ඇත්තේ ලංකාවේ දී ද විදේශයකදී ද යන්න පිළිබඳ මේ වනතුරු තහවුරු වී නැතැයි මේ සම්බන්ධව කළ විමසීමක දී ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙක් පැවසීය.

Exit mobile version