ශ්‍රි ලංකාවේ එකම මානව පෝෂණ මහාචාර්යවරයා ශ්‍රි ලංකාවට ගෞරවයක් ගෙනෙයි

පේරාදෙණිය වෛද්‍ය පීඨයේ මානව පෝෂණය පිළිබඳ මහාචාර්ය සුධීර කළුපහන ලෝක තරබාරු බව පිළිබඳ සම්මේලනයේ තරබාරු බව පිළිබඳව වෘත්තීය අධ්‍යාපනය සම්බන්ධ ක්‍රමෝපායයික  මධ්‍යස්ථානයේ ගෞරවණීය  සාමාජිකත්වය සඳහා තෝරා ගෙන ඇත.

මෙම සමාජිකත්වය පිරිනැමීම තරබරු බව පිළිබඳව කටයුතු කරන වෛද්‍ය පර්යේෂකයකු වෙත එම ආයතනයෙන් පිරිනමන උසස්ම ඇගයීම වන අතර එය ලබා ගත් පළමු ශ්‍රි ලාංකිකයා වන්නේ මහාචාර්ය කළුපහන තරබාරු බව පිළිබද ලෝක සම්මේලනය පවසයි.

මේවනවිට පේරාදෙණිය වෛද්‍ය පීඨයේ භෞතවේද අංශයේ අංශ ප්‍රධානියා ලෙස කටයුතු කරන මහාචාර්ය කළුපහන තම වෛද්‍ය විද්‍යා මූලික උපාධිය පේරාදෙණියෙන් ලබා ගත් අතර මූලීක පශ්චාත් උපාධි ලබා ගැනීමෙන් අනතුරුව ඇමෙරිකාවේ ටෙනසී විශ්ව විද්‍යාලයයෙන් මානව පෝෂණය පිළිබඳ ආචාර්ය උපාධිය සම්පූර්ණ කළේය.


මානව පෝෂණය සම්බන්ධයෙන් පර්යේෂණ ගණනාවක් සිදු කර ඇති ඔහු ගේ පර්යේෂණ ඇමෙරිකාවේ වෛද්‍ය ප්‍රජාව අතර කතා බහට ලක්වූ ඒවා විය. කලක් ඇමෙරිකාවේ ටෙක්සාස්හී ටෙක් සරසවියේ මානව පෝෂණය පිළිබඳ සහය මහාචාර්යවරයකු ලෙසද කටයුතු කළ අතර එමෙන්ම ඇමෛරිකාවේ පෝෂණය පිළිබද මඟපෙන්වීම් මාලා සකස් කිරීමේදී සහ යාවත්කාලීන කිරීමේදී පුරෝගාමී කාර්යයක් ඉටු කළ නිසාවෙන් එරට පෝෂණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විද්වතුන් අතර ඔහු ඇගයීමට ලක් විය. මෙම සම්මාන සාමාජිකත්වය හිමි වීමටද ඔහු ලෝකයේ පෝෂණය සහ තරබාරු බව සහ පාලනය සම්බන්ධයෙන් සිදු කළ තීරණාත්මක මෙහෙවර පසුබිම් වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


  මහනුවර ධර්මරාජ විද්‍යාලයයෙන්  මූලික අධ්‍යාපනය ලද ඔහු මේ වනවිට ශ්‍රි ලංකාවේ සිටින මානව පෝෂණය පිළිබඳ එකම වෛද්‍ය විද්‍යා මහචාර්යවරයා ද වෙයි.

Exit mobile version