ශ්‍රි ලංකන් ගුවන් යානයක් තුළ මගියෙක් මිය යයි!

flight

ඕස්ට්‍රේලියාවේ ,මෙල්බර්න් නුවර සිට කටුනායක දක්වා පියාසර කරමින් තිබූ ශ්‍රි ලංකන් ගුවන් සේවයේ යානයක් තුළදී ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් 75 හැවිරිදි ගුවන් මගියෙක් ජීවිතක්ෂයට පත් වී තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ යාපනයේ පදිංචි වියපත් පුද්ලයෙකි.

පොලීසිය සඳහන් කළේ, ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. – 605 දරන ගුවන් යානය, ගුවන්ගතවී මද වේලාවකට පසුව මෙම මගියා මියගොස් ඇති බවය.

එම අවස්ථාවේ යානය මෙල්බර්න් බලා හරවා නොගොස් කටුනායක බලා පියාසර කරවීමට නියමුවන් කටයුතු කර තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලිසිය සඳහන් කළේ  මළ සිරුර, මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවය.

Exit mobile version