වේල්ලවීදියේ කාන්තා මල සිරුරෙ හිස වෙන්කර ඇත්තෙ මරණයෙන් පසුව..

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වේල්ලවීදියේ බෑගයක බහා තිබී හමු වූ හිස සුන් කාන්තා මල සිරුරේ හිස කඳෙන් වෙන් කර ඇත්තේ එම කාන්තාවගේ මරණයෙන් පසු බව පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබේ.

රුධිර වහනයක් නොතිබීම මෙවැනි නිගමනයකට එන්නට මූලික හේතුව වී ඇත.
මේ වනවිට මෙම කාන්තාවගේ මරණය සම්බන්ධව පරීක්ෂණ හංවැල්ල නගය මුල් කරගෙන සිදුවෙමින් ඇතැයි වාර්තා වේ.

ඊට හේතුව මලසිරුර බෑගයේ බහාගෙන පැමිණි තරුණයා 143 අංක දරන හංවැල්ල බස් රථයකින් මෙම මලසිරුර සහිත බෑගය රැගෙන කොළඹ පැමිණ ඇති බව තහවුර වීමය. එහෙමන්ම තවමත් සැක සහිත කාන්තා බෑගයක් හංවැල්ලෙන් හමුවී තිබීමය.

මෙම බෑගයේ වූ ඇඳුම් මරණයට පත් වූ කාන්තාවගේ ශරීර ප්‍රමාණයට ගැලපෙන බව පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇත. ඊට අමතරව මේ සම්බන්ධව කිසිම සාධකයක් තවම හමු වී නැත. එමෙන්ම කාන්තාවගේ හිස තවම හමුවී නැත.

පොලිසිය වේල්ලවීදිය අවට සී.සී.ටී.වී කැමරා සියයකට අධික ප්‍රමාණයක් මේ වනවිට පරීක්ෂා කර ඇතත් එම කැමරාවල මෙම මලසිරුර රැගන පැමිණි පුද්ගලයා කොතැනක ගියේදැයි සටහන් වී නැති බවත්, ඔහු හංවැල්ල ප්‍රදේශයට පැමිණියේ කෙසේ දැයි තවම කිසිවක් නොදන්නා බවත් පොලිසිය පවසයි.

හංවැල්ල අවට පරීක්ෂණ දැඩි කර ඇත්තේ මේ සම්බන්ධව කුමණ හෝ හෝඩුවාවක් සොය ගත හැකිවෙතැයි විශ්වාසයෙන් බව පොලිසිය කියයි.

Exit mobile version