වෘත්තීයවේදීන්ගේ ඉල්ලීමට ඉදිරි සතියේ දී ප්‍රතිචාර නොලැබුනොත් මාර්තු 01 දාට පසු රට වැසෙයි!   වෘත්තීයවේදීන්ගේ  වෘත්තීය සමිති එකමුතුව අනතුරු අඟවයි…

ශ්‍රියානි විජේසිංහ –                                           

රෝහල් , ඛනිජතෙල් සහ විදුලිබලය  අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් රජයට ගැසට් නිකුත් කළ හැකි නම් ජනාධිපතිවරයාට  යැවූ සිහිකැඳවීමේ ලිපියට ප්‍රතිචාර දැක්වීමද ඉදිරි  සතිය තුළ සිදුවිය යුතු යැයි වෘත්තීයවේදීන්ගේ  වෘත්තීය සමිති එකමුතුව   සඳහන් කරයි.

යම් හේතුවෙකින් ලිපියට ප්‍රතිචාරයක් නොදැක්වුහොත් රට අකර්මන්‍යවීම වැලැක්විය නොහැකි බව ඔවුහු පෙන්වාදෙති.  

සේවකයින්ගේ අත්‍යවශ්‍ය අවශ්‍යතාවන් ඉටුකිරීමට රජය කටයුතු කළ යුතු බවත් එසේ නොවන්නේ නම් මාර්තු 1වන දිනෙන් පසුව රට අකර්මන්‍යවීම වැලැක්විය නොහැකි බව  වෘත්තීයවේදීන්ගේ  වෘත්තීය සමිති එකමුතුව   සඳහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වෘත්තීයවේදීන්ගේ  වෘත්තීය සමිති එකමුතුව නියෝජනය කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ  සඳහන් කළේ  රෝහල් සේවකයින්ගේ අතිකාල සහ අමතර දීමානාවන්ගෙන්  සියයට 15ක් අනීතික ලෙස කප්පාදු කිරීමට රජය කටයුතු කරමින් පවතින අතරම මූලික වැටුපෙන් බදු අයකර ගැනීමට සිදුකිරීම බරපත අසාධාරණයක් බවය.


Exit mobile version