විශ්වාසභංගයට එකඟ වන්නට පක්ෂ 11 තීන්දු කරයි…

සමගි ජන බලවේගය විසින් රජයට එරෙහිව ගෙන එන විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ලබා දීමට ආණ්ඩුවෙන් ස්වාධීන වූ කණ්ඩායම ඒකමතිකව තීරණය කළ බව හිටපු අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේය.

ඔහු ඒ බව පැවසුවේ අද (07) එම මන්ත්‍රී  කණ්ඩායමේ පක්ෂ රැස්වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.

හදිසි නීතිය දැමීම සම්බන්ධව සහ විශ්වාස භංග යෝජනාව ගැන සාකච්ඡා කිරීමට  අද මෙම පක්ෂ නායකයින් 11 දෙනා රැස් වී තිබිණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දෙරණ පුවත් සේවය එම අවස්ථාව ආවරණය කර තිබුණේ මෙසේය.

Exit mobile version