විභාගය අතරෙත් පැය පැය දෙකක් විදුලිය කැපේ… රෑට පැය1 විනාඩි 40ක විදුලි කප්පාදුවක්!

උසස් පෙළ විභාගය පවත්වන අතරවාරයේ දී ත් පැය 02ක විදුලි කප්පාදුවක් සඳහා යෑමට රජය තීරණය කර ඇත.

විදුලි කප්පාදුව අඩුකර ඇති බවත් ABCDEFGHIJKLPQRSTUVW කලාප සඳහා හෙට (24) දිවා කාලයේ දී විනාඩි 40ක් හා රාත්‍රී කාලයේ දී පැය 01 විනාඩි 20ක් තෙක් සිදුවනු ඇති බව මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කළේය.

මේ අතර ජනවාරි 23 සහ පෙබරවාරි 17 වනදා අතර කාලය තුළදී විභාගය පැවැත්වෙන දිනවලට පෙර දිනයන්හිදී රාත්‍රී 7න් පසුව විදුලි කප්පාදුව සිදුනොකරන ලෙස මහජන උපයෝගීතා කොමිසම විදුලි බල මණ්ඩලයෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම කාලය තුළ විදුලි කප්පාදුවෙන් වැළකී සිටින්න ලෙස විදුලිබ මණ්ඩලයට උපදෙස් දෙන්නැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාට සහ විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි.


Exit mobile version