විපක්ෂ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ආණ්ඩුව බේරයි

සුවසැරිය ගිලන් රථවල වෙන්ටිලේටර ගලවන කතාව බොරුවක්

සුවසැරිය 1990 ගිලන් රථ සේවයේ යොදවා ඇත වාහනවල සවි කර ඇති ශ්වසන ආධාරක යන්ත්‍ර එමෙන්ම වෙන්ටිලේටර ගලවා කොවිඩ් ආසාදිත රෝගීන් සඳහා රෝහල්වලට ලබා ගැනීමට සැලසුමක් පවතින බවට කෙරුණු ප්‍රචාරය සම්පූර්ණ අසත්‍යයක් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

මෙවැනි අසත්‍ය තොරතුරක් එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රුවන් විජයවර්ධන මහතාට කිසිවකු හෝ ලබා දී ඇති බවත් ඔහු මේ ගැන කළ ප්‍රකාශය තමන් විජයවර්ධන මහතා අමතා නිවැරදි කළ බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා තවදුරටත් ප්‍රකාශ කළේය.

“ අපි වගකිව යුතු විපක්ෂයක්. කොරෝනා මර්දනය පිළිබඳව රජය කටයුතු කරන අකාරය ගැන අපට අනන්ත විවේචන තිබෙනවා. නමුත් මේ මොහොතේ කවුරුන් හෝ අපහසුතාවකට පත් කිරිමට බොරු කියන්නට අපට අවශ්‍ය නැහැ.


මේ වාහනවල පවතින දිවි ආධාරක උපකරණ රෝහල්වලට නොගැලපෙන බවත් රජය ඒවා ගලවා රෝහල්වලට ලබා ගැනීමේ කිසිදු උත්සාහයක් ගෙන නැති බවත් මෙම ගිලන් රථ සේවාව මෙරට ආරම්භ කිරීමට නායකත්වය සහ පුරෝගාමීත්වය දුන් පුද්ගලයා ලෙස තමන් ප්‍රකාශ කරන බව ද ආචාර්ය හර්ෂ දසිල්වා තවදුරටත් ප්‍රකාශ කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඇතුළු විවිධ පාර්ශ්වවල විවේචන මැද ආරම්භ කළ මෙම ගින් රථ සේවයේ අගය මෙරට කාටත් මේ දිනවල පසක් වී ඇති බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.

Exit mobile version