විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට නම් 05ක්

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සඳහා මේ වනවිට නම් 05ක් ඉදිරිපත්ව ඇති අතර මේ නිසා එම තනතුර වෙනුවෙන් තියුණු තරගයක් නිර්මාණය වී තිබේ.

එම තනතුර සඳහා යෝජනා වී ඇති විපක්ෂ මන්ත්‍රීවරුන් වන්නේ ගයන්ත කරුණාතිලක, ලක්ෂ්මන් කිරිඇල්ල, පාඨලී චම්පික රණවක, ආචාර්ය හර්ෂ ද සිල්වා සහ කබීර් හෂීම් යන මහත්වරුන්ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අය අතුරින් ගයන්ත කරුණාතිලක මහතා මීට කලින්ද මෙම තනතුර දරා සිටි අයෙකි. කෙසේ වුවද මෙම මන්ත්‍රීවරුන් අතරින් සුදුස්සකු ඉදිරි දින දෙක තුළ තෝරා පත් කර ගන්නා බව ජාතික සමගි ජන බලවේගයේ ප්‍රකාශකයෙක් ලංකාසර ට පැවසීය.


Exit mobile version