විදුලි බල මණ්ඩලයේ සභාපතිගේ කෝප් කමිටු කතාවට ජනපතිගෙන් තියුණු ප්‍රතිචාරයක්…

මන්නාරමේ සුළං විදුලි බලාගාරය අදානිට දෙන්නැයි මෝදි තමන්ට බලපෑම් කළ බව ජනපති විදුලි බල මණ්ඩල සභාපතිට කිව්වලු!

මන්නාරම සුළං විදුලි ව්‍යාපෘතිය ඉන්දීයාවේ අදානි සමූහ ව්‍යාපාරයකට ලබාදීමට තමන් බලය ලබාදුන් බවට විදුලිබල මණ්ඩලයේ සභාපති කෝප් කමිටුවේදී කළ ප්‍රකාශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ   ප්‍රතික්ෂේප කර තිබේ.

“මන්නාරමේ සුළං විදුලි ව්‍යාපෘතියක් ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් කෝප් කමිටු කළ විමර්ශනයේ දී    ලංවිම සභාපතිවරයා විසින් කරන ලද ප්‍රකාශයක් අනුව, කිසියම් නිශ්චිත පුද්ගලයෙකුට හෝ ආයතනයකට මෙම ව්‍යාපෘතිය ප්‍රදානය කිරීමට මා අවසර දුන් බවට කළ ප්‍රකාශය   මම තරයේ ප්‍රතික්ෂේප කරමි. මේ සම්බන්ධයෙන් වගකිවයුතු සන්නිවේදනයක් අනුගමනය කරනු ඇතැයි මම විශ්වාස කරමි. “ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

ඊයේ (10දා) පැවැති කෝප් කමිටු සාක්‍ෂි විභාගයේදී අදානි සමූහ ව්‍යාපාරයට ඉන්දීය රජයේ නියෝජනයක් ලෙස නම් කර තිබේද යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා කියා සිටියේ මෙම ව්‍යාපෘතිය ලබාදෙන ලෙසට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා තමාට බලපෑම් කරන බව ජනාධිපතිවරයා තමන්ට දැනුම් දුන් බවයි. ඉන්දියානු ආයතනය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“මෙය මට හෝ විදුලිබල මණ්ඩලයට සම්බන්ධ දෙයක් නොවන බවත් එය ආයෝජන මණ්ඩලයට යොමු කළ යුතු බවත් මම එතුමාට  කීවා,” ඔහු කෝප් කමිටු විභාගයේදී පැවසීය.


Exit mobile version