ව්‍යාධි ජනක සහිත යැයි කී චීන පොහොර තොගයට ගෙවීම වළක්වන අධිකරණ නියෝගය ඉවත් කරයි!

සීමාසහිත ක්වින්ඩාවේ සීවින් බයෝටෙක් සමාගමටත්, එහි දේශීය නියෝජිතයාට සහ මහජන බැංකුවටත් එරෙහිව නිකුත් කර තිබූ වාරණ නියෝගය කොළඹ වාණිජ මහාධිකරණය අද (3) ඉවත් කළේය.

අධිකරණය එම තීන්දුව ගනු ලැබුවේ මතභේදයට තුඩු දී ඇති චීන කාබනික පොහොර තොගය සම්බන්ධ සිද්ධිය  සමථයකට පත් වී ඇති බව ශ්‍රී ලංකාවේ පොහොර සමාගම් අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුවය.

කොළඹ කොමර්ෂල් පොහොර සහ ලංකා පොහොර සංස්ථාව විසින් මෙම මෝසම ගොනු කර තිබිණි.


පැමිණිලිකාර සමාගම් සහ විත්තිකරුවන්  ලෙස නම් කර ඇති ක්වින්ඩාවෝ සී වින් බයෝටෙක් සමගාමත්,   එහි දේශීය නියෝජිතයා සහ   මහජන බැංකුවත්    බේරුම්කරණය සඳහා   එකඟ වී ඇති කොන්දේසි පහත පරිදි වේ.

  1. මහජන බැංකුව ණයවර ලිපියට අනුව තොග වටිනාකමින් 75% ක් ක්වින්ඩාවො සී වින් බයෝටෙක් සමාගම වෙත මුදා හැරිය යුතුය.
  2. ක්වින්ඩාවේ සී වින් බයෝටෙක් සමාගම විසින්  අමුද්‍රව්‍ය  සඳහා සහතිකය ලබාගෙන   පරීක්ෂා කිරීම සඳහා නව කාබනික පොහොර තොගයක නව සාම්පල සකස් කරනු ඇත. කොන්ත්‍රාත්තුවට අනුව, සාම්පල රෝග කාරක වලින් තොර විය යුතු අතර, 1999 අංක 35 දරන ශාක ආරක්ෂණ පනතට අනුකූල බව පරීක්‍ෂා කරන ලද සාම්පල අනාවරණය වූ පසු සහ ආනයන බලපත්‍රයක් ලබා ගැනීමෙන් පසුව පමණක් තොගය නැව්ගත කළ යුතුය.  
  1. කිවින්ඩාවෝ සී වින් බයෝටෙක් සමාගම විසින් දෙවන පොහොර තොගය නැව්ගත කළ පසු මහජන බැංකුව විසින් අදාල මුදල් මුදාහරිනු ලැබේ.

ඉහත කොන්දේසිවලට යටත්ව විත්තිකාර ක්වින්ඩාවෝ සී වින් බයෝටෙක් සමාගමට එරෙහි ක්‍රියාමාර්ගය ඉල්ලා අස්කර ගැනීමට එකඟ වූ බව පැමිණිලිකරුවෝ පවසති.

ආනයන බලපත්‍රයක් නොමැතිවීම හේතුවෙන් පළමු නැව්ගත කිරීම ආපසු ලැබුණු බව සඳහන් කරමින් නිවේදනයක් නිකුත් කිරීමට දෙපාර්ශවය එකඟ වී ඇත.

මෙම නඩුවේ තුන්වන විත්තිකරු වන   චීන සමාගමේ දේශීය නියෝජිතයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජී.ජී.  අරුල්ප්‍රගාසම් කියා සිටියේ කිංඩාඕ සීවින් බයෝටෙක් සමාගමට එරෙහි පැමිණිල්ලේ සඳහන් අසත්‍ය සහ ද්වේෂසහගත චෝදනා හේතුවෙන් සිදු වූ අලාභ ගෙවීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තම සේවාදායකයාට අයිතිය ඇති බවයි.

එවැනි ක්‍රියාමාර්ගයක් ගතහොත් ඒ සම්බන්ධයෙන් ද කරුණු ඉදිරිපත් කරන බව පැමිණිලිකරුවෝ අවධාරණය කළහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුසන්ත බාලපටබැඳි   පෙනී සිටි අතර මහජන බැංකුව වෙනුවෙන් නීතීඥ කුෂාන් ද අල්විස්   ද සීමාසහිත ක්වින්ඩාවෝ සී වින් බයෝටෙක් සමාගම වෙනුවෙන් නීතිඥ නිහාල් ප්‍රනාන්දු   ද පෙනී සිටියහ.

 

 

Exit mobile version