වස ගෙන්වනත් ප්‍රමිතියක් තියන රටක බෙහෙත් වලට ප්‍රමිතියක් නෑ… මේ මරණවල වගකීම ඇමති භාරගත යුතුයි… විශේෂඥ වෛද්‍ය නිලුපුල් පෙරේරා!

ශ්‍රියානි විජේසිංහ –      

යම් බෙහෙතක අතුරු ආබාධ තිබේදැයි  රෝගියෙකු විමසූ විට එයට  නිසි පිලිතුරක් ලබා දීමට නොහැකි ලෙස  ජාතික ඖෂධ නියාමන අධිකාරිය  වෛද්‍ය වෘත්තිකයන්  ගොළුකර ඇතැයි ස්නායුරෝග විශේෂඥ වෛද්‍ය නිලුපුල් පෙරේරා  සඳහන් කරයි.

රට තුළට වස ගෙන්වන්නත් ප්‍රමිතියක් තිබේනම් ඖෂධ ගෙන්වීම මෙතරම් අවතක්සේරු කිරීම මවිතයට කරුණක් යැයිද විශේෂඥවරයා පෙන්වාදේ.

වෛද්‍යවරයා විශ්වාස කර ඔහු ලබා දෙන ඖෂධය හෝ එන්නත ලබා ගත්  රෝගීන් එකා දෙන්නාගේ  අවයව  අහිමි වන්නේ නම් , මරණය සිදුවන්නේ නම් එය එකක් දෙකක් පමණක් කියා නොසිතන්නැයිද ඔබ දකින්නේ අයිස් කන්දේ මුදුණ පමණක් යැයිද නොපෙනෙන ප්‍රමාණය මීට වඩා වැඩි යැයිද වෛද්‍ය නිලුපුල් අවධාරණය කරයි.

ඖෂධයක් මෙරටට ගෙන්වීම , ගෙන්වීමට ගතවන කාලය, ඖෂධයේ ප්‍රමිතිය පරික්ෂා කිරිම , එය ගබඩා කිරිම , රෝගියාට ලබාදීම , ඉන් රෝගියාට අසාධාරණයක් වූයේ නම් ගත යුතු ඊළග පියවර කුමක්ද යන්න පිළිබඳ සියලුම  වගකීම් ජාතික ඖෂධ නියාමන අධිකාරිය සතුව පවතින නමුත් මේ වන විට එහි වගකිම ගිලිහෙමින් පවතින බව ද  විශේෂ ඥවරයා පෙන්වාදේ.


ප්‍රමිතියෙන් තොර ඖෂධ රට තුළ භාවිත කිරීම හේතුවෙන් අද මරණ එක දෙක සිදුවුව ද ඉදිරියේදී ටික ටික සිරුරට හානිකර තත්වයන් ඇතිව මරණ ප්‍රමාණය වැඩිවනු ඇතැයි ඔහු අනතුරු අඟවා සීටියි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ නමුත් ජාතික ඖෂධ නියාම අධිකාරියේ ස්වාධීනත්වය ආරක්ෂා කරමින් ප්‍රමිතියෙන් යුතු ඖෂධ ගෙන ඒමට විෂය භාර ඇමතිරයා කටයුතු කළ යුතු බවත් එසේ නොවන්නේ නම් සිදුවන ජිවිත හානි සඳහා ඇමතිවරයා ප්‍රමුඛ බලධාරීන් වගකිව යුතු බවත්  විශේෂඥවරයා අවධාරණය  කරයි.

 

Exit mobile version