වරෙන්තුකරුවෙක් අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරියෙකුට පිහි පහර….

කීර්ති ප්‍රනාන්දු –

වරෙන්තු කරුවෙක් විසින් එල්ල කළ පිහි පහරකින්  පොලිස් නිලධාරියෙක් තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේය.

කිරුළපන නාගස්වත්තේ දී වරෙන්තුකරුව අත්අඩංගුවට ගැනීමට ගිය කිරුළපන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් කටයුතු කරද්දී  ඔහු මෙම පිහි ප්‍රහාරය එල්ල කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිද්ධියෙන් අනතුරුව පලා ගිය සැකකරුව පොලිස් විශේෂ මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන ඇත.


Exit mobile version