වරාය නගර කොමිෂන් සභාවේ සංයුතිය බහුතරය ශ්‍රී ලාංකිකයන්ගෙන්… අගමැති කියයි…

Mahinda-R

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොළඹ වරාය නගර කොමිෂන් සභාවේ සංයුතිය බහුතරය ශ්‍රී ලාංකිකයන් විය යුතුයැයි යන යෝජනාව සහ කොමිෂන් සභාවේ සභාපතිද ශ්‍රී ලාංකිකයෙක් විය යුතුය යන මතය පනත තුළින්ම තහවුරු කිරිමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (19) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජනතා අදහස් අගය කරන බවත්, ශ්‍රේෂ්ඨාධිකරණයට ගරු කරන බවත් පැවසූ අග්‍රාමාත්‍යතුමා පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී ඇති සියළුම උපදෙස් හා නියෝග දෙවනවර කියවීමේදී එකතු කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.

එමෙන්ම ජනතා අදහස් හා සහෝදර පක්ෂ වල අදහස් වලට ඇහුම්කන් දෙමින් මෙම පනත් කෙටුම්පතට තවත් සංශෝධන එකතු කිරීමට බලාපොරොත්තු වන බවද මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

Exit mobile version