වතුර බැස යන්න විදිහක් නෑ… නල්ලූර් කෝවිලත් ජලයෙන් යටවේ…

දිනසේන රතුගමගේ

බුරවි සුළි සුළග හමාර වීමෙන් පසුව යාපනය ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් 5 දා සවස් වන විට නල්ලූර් කෝවිලත් ජලයෙන් යට විය.

මුළු යාපනය නගරයම ජලයෙන්  යට වන්නට පටන් ගත් නිසා රජයේ කාර්යාල නගරයේ වෙළඳසල් විශාල සංඛ්‍යාවක් වසා දමා ඒවායෙහි භාණ්ඩ වෙනත් ස්ථාන වලට මාරු කිරීමට පියවර ගෙන තිබිණි.


නල්ලූර් කොවිල මෙන්ම යාපනය ශික්ෂණ රෝහල බස් නැවතුම් පල ජලයෙන් යට වී ඇති අතර නගරයට එකතු වී ඇති ජල ප්‍රමාණය විශාල නිසා එම ජලය බැස යාමට පහත් බිමක් නොමැති නිසා මේ තත්ත්වය හට  ගෙන තිබේ.

ගලා ආ වැසි ජලය යාපනය ශීක්ෂණ රෝහලේ වාට්ටු පරිපාලන ගොඩනැගිලි ඇතුළු සෑම ස්ථානයක් තුලටම ගලා ඒම නිසා යාපනය ශීක්ෂණ රෝහලේ පාලන අධිකාරිය යාපනය රෝහල පවත්වා ගෙන යාමේ අසීරුතාවයකට මුහුණ පා සිටිති.

තවදුරටත් ජලය ගලා ඒම වැඩි වුවහොත් යාපනය ශීක්ෂණ රෝහලේ අංශ කීපයක් වසා දැමිමට සිදුව තත්ත්වයක් උද්ගත වී ඇති බව රෝහලේ පාලන නිලධාරීන් සදහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අධික ලෙස ජලය එක් රැස් වී සෝදා ගෙන ගිය යාපනයේ  මාර්ග කීපයක වාහන ගමනා ගමනය නතර කොට ඇති අතර මහා මාර්ගයේ වළවල් සෑදී ඇති ස්ථාන ගණනාවක් ඇති නිසා ජනතාවට නගරයට පැමිණීම සීමා කරණ ලෙසට දැණුම් දීමක් යාපනය නගරාධිපතිවරයා විසින් සිදු කොට තිබේ.

Exit mobile version