වත්තේගම ළමා නිවාසයකින් දැරියන් 05ක් පලා ගිහින්!

වත්තේගම මීගම්මන ප්‍රදේශයේ ළමා නිවාසයක ගැහුණු ළමුන් පස් දෙනෙකු පළා යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ පවත්වයි.

මෙම ළමුන් අධ්‍යාපන කටයුතු සඳහා ළමා නිවාසය ආසන්නයේ පිහිටි පාසලකට යොමුකර සිටියදී ඊයේ ( 06 )   දහවල් 11.00 ට පමණ පළා ගොස් තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

පළා ගිය එක් ළමයෙකු නාවලපිටිය ප්‍රදේශයේ පිහිටි ඇගේ නිවසේ සිටින බවට තොරතුරු ලැබී තිබෙන බවත් ඇය වත්තේගම පොලීසියට කැඳවා ගෙන එන ලෙස භාරකරුට දැනුම් දී තිබෙන බවත් පොලීසිය කියයි.


අවුරුදු 16-18 අතර වයසේ පසුවන සෙසු ළමුන් සිව් දෙනා පිළිබඳ අද (07) පස්වරුව වන විටත් කිසිදු තොරතුරක් සොයා ගැනීමට පොලීසියට හැකිවී නොමැත.

පුස්සැල්ලාව,උඩිස්පත්තුව,හන්දෙස්ස හා වත්තේගම ප්‍රදේශයේ ලිපිනයන්වල පදිංචි එම ළමුන් සොයා පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ළමුන් අතුරුදන් වීම පිළිබඳව ඔවුන් පදිංචි ප්‍රදේශයන්හි පොලිස් ස්ථාන වලට දැනුම් දී තිබෙන අතර වත්තේගම පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පාලිත ඉලංගසේකර   මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත් වෙයි.

Exit mobile version