වකුගඩු ජාවාරමට සම්බන්ධ දොස්තරලා ගැන කියන වාර්තාව අතුරුදන් වුණා ද?- GMOF අසයි

ශ්‍රී ලංකාව තුළ ඉන්දියානු හා වෙනත් පිටරැටියන්ගේ වකුගඩු බද්ධ කිරීමේ ජාවාරමේ සුලමුල සෙවීමට පත්කළ කම්ටු වාර්තාව එළිදක්වන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන් සංසදය සෞඛ්‍ය අමාත්‍යවරයා ලිපියක් යවා තිබේ.

ඔවුන් පෙන්වා දෙන්නේ වසර ගනණක් ගත වී ඇතත් එම විමර්ශන වාර්තාව මේ වන තෙක් එළි දක්වා නොමැති අතර ඒ අතුරුදන් වී ඇත්නම් යළි එම විමර්ශනය පවත්වන ලෙසයි.

එම ලිපිය පහත දැක්වේ.


“වකුගඩු බද්ධ කිරිමේ අන්තර්ජාතික ජාවාරමේ අතුරුදහන් වු සුල මුල

ශ්‍රී ලංකාව තුළ ඉන්දියානු හා වෙනත් පිටරැටියන්ගේ වකුගඩු බද්ධ කිරීමේ ජාවාරමේ සුලමුල ඉන්දියානු බුද්ධි අංශ විසින් ශ්‍රී ලංකාවට දැනුම් දුන් බවට 2016 වසරේදි ආන්දෝලාත්මක ප්‍රවෘත්තියක් ලෙස විශාල ප්‍රචාරනයක් මාධ්‍ය මගින් ලබා දුනි.

ඒ අනුව එවකට සිටි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වු වෛද්‍ය ජයසුන්දර බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පිහිටුවා සති දෙකක් ඇතුලත වර්තාවක් ලබා දෙන මෙන් සෞඛ්‍ය අමත්‍යාංශය විසින් කමිටුව වෙත නියෝගයක් ලබා දුනි. ඉන් පසුව අද වන තෙක් එය එළි දැක්වුයේ නැති අතර අප විසින් ඔබගේ අවධානය වෙන යොමු කර සිටිනුයේ එම වර්තාව එළි දැක්වන ලෙසටත් හෝ එම වාර්තාව අතුරුදහන් කර ඇත්නම් නැවත එම විමර්ශණය අරම්භ කරන ලෙසටයි.

මේ සමඟම අප ඔබට මතක් කර දෙනුයේ ඉංදියානු රජය විසින් ලබා දුන් තොරතුරු අනුව ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් මෙම අන්තර්ජාතික ජාවාරමට සම්බන්ධ බවත් එහි නම් කරන ලද වෛද්‍යවරුන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ක්‍රියාකාරී කමිටු සාමාජිකයන් බවටත් තහවුරු විය. එවකට එම සංගමයේ සභාපතිවරයා වුයේ වෛද්‍ය අනුරුද්ධ පාදේණියයි.

මේ පිළිබද අප කරන ඉල්ලීම ක්‍රියාත්මක නොවුනහොත් අප සංගම් කාර්යාල වන නාරාහේන්පිට අභයාරාමය තුළ මිලියනයක මහජන අත්සන් ලබාගැනීමේ පෙත්සමක් අත්සන් කරන බවට මින් දන්වා සිටින්නෙමු. එපමණක් නොව නීති මගින් කටයුතු කිරිමක්ද සලකා බලනු ලැබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පිටරැටියන්ගේ වකුගඩු බද්ධ කිරීම් ශ්‍රී ලංකා පුද්ගලික රෝහල් තුල වර්තමානයේ අත්හිට වීම තුළ පසුගිය වසර 5කට රුපියල් මිලියන 1500ක විදේශීය විනිමය අලාභයක් සිදු වී ඇති බව ද දැනුම් දෙන්නෙමු.”

Exit mobile version