ලෝකයේ මුඛ පිළිකා රෝගීන් වැඩිම 02වැනි රට… දශක 02ට රෝගීන් 09 ගුණයකින් වැඩි වෙලා…

වසරකට පිළිකා රෝගීන් 31800ක්... මුඛ පිළිකා රෝගීන් 2700ක් ඒ අතර...

betel-nut-

කීර්ති ප්‍රනාන්දු –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලෝකයේ වැඩියෙන්ම මුඛ පිළිකා වර්තාවන දෙවන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි ජාතික පිළිකා මර්ධන ඒකකය පවසයි.

ගෙවුනු දශක දෙකක කාලය තුළ දී මෙරට මුඛ පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව 9 ගුණයකින් පමණ ඉහළ ගොස් ඇතැයි ජාතික පිළිකා මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ජානකී විදානපතිරණ කියයි.

ජාතික පිළිකා මර්දන ඒකකය පවසන්නේ තම වර්තා අනුව වසරකට පිළිකා රෝගීන් 31800ක් පමණ පිරිසක් වාර්තාවන බවය

මෙසේ වාර්තාවන රෝගීන් අතරින් වසරකට මුඛ පිළිකා රෝගීන් 2700ක් පමණ වාර්තාවන බවත් එයින් බහුතර පිරිස පුවක්, දුම්කොළ මෙන්ම දුම්වැටි භාවිතය හේතුවෙන් මුඛ පිළිකාවට ගොදුරු වූවන් බවත් වාර්තා වේ.

ඒ අනුව අදට යෙදී තිබෙන ලෝක හිස සහ ගෙල ආශ්‍රිත පිළිකා දිනය වෙනුවෙන් මෙවර ප්‍රධාන තේමාව ලෙස “සුවැති මුවකට පුවක් නවතමු“ තේමාව සහිතව ජනතාව දැනුවත් කරන බවත් විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ පැවසුවාය.

Exit mobile version