ලොව වටා ඇති මිදි-අඹ වර්ග උතුරේ වගාකරන්න ඉන්දීය සහය

දිනසේන රතුගමගේ

ලෝකයේ විවිධ රටවල වගා කරණ මිදි හා අඹ වර්ග උතුරු පළාත තුළ වගා කිරීමට අවශ්‍ය ආධාර හා තාක්ෂණික උපදෙස් ලබා දීමට ඉන්දීය රජය ඉදිරිපත් වී සිටියි.
යාපනයේ සිටින නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් එස්.බාලචන්ද්‍රන් මහතා කිළිනොච්චියේ පිහිටි කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානය වෙත ගොස් එහි අධ්‍යක්ෂ ආචාර්ය එම්.අරකේසරී මහතා සමග මේ පිළිබදව සාකච්ඡා කොට තිබේ.

යාපනය කිළිනොච්චිය ඇතුලු උතුරේ අනෙක් ප්‍රදේශ වල අඹ වර්ග වගා කරණ නමුත් අනාදිමත් කාලයක සිට වර්ග කීපයකට පමණක් ආවේණික අඹ වර්ග පමණක් මේ පළාත් වල වගා කරණ බව ඉන්දීය කෘෂි විශේෂඥයින් පෙන්වා දී තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාපනයේ මිදි වගා කිරීමේදීද වසර ගණනාවක සිට එකම වර්ගයක මිදි පමණක් වගා කෙරෙන නිසා ලෝකයේ වෙනත් රටවල වගා කෙරෙන උසස් වර්ග වලට අයත් මිදි යාපනයේ වගා කිරීමට ගොවීන් දිරිගැන්වීමට ඉන්දියාව බලාපොරොත්තු වෙයි.

Exit mobile version