ලොව අඩුම බරින් උපන් දැරිය වසකරට පසු නිරෝගීව ගෙදර යයි… උපදිනවිට ඇපල් ගෙඩියක බර…

කීර්ති ප්‍රනාන්දු –

ලොව මෙතෙක් බිහිවූ අඩුම බරින් යුතු දරුවා වසර 1යි මාස 1ක් පුරා නොමේරූ ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබා නිරෝගීව රෝහලින් පිටව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ක්වෙන් යූ ෂුආන් නමැති මෙම දැරිය සිංගප්පූරුවේ රෝහලකදී උපත ලබා ඇත..දෙමාපියන් සිංගප්පූරු ජාතිකයන්ය.

ඇය උපදිනවිට උපත් බර ලෙස සඳහන්ව තිබුණේ ග්‍රෑම් 212කි. එම බර සාමාන්‍ය ඇපල් ගෙඩියකට සමාන බව වෛද්‍යවරු කියති. උස සෙන්ටිමීටර් 24ක් වී තිබිනි.


සාමාන්‍යයෙන් බිහිවෙන දරුවෙක් බිහි වන්නේ සති 40ක් මවු කුස තුළ වැඩීමෙන් පසුවය. මෙම දැරිය ඉපදී ඇත්තේ සති 25ක් ගතවීමට පෙරය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට දැරිය ඉතා නීරෝගී තත්වයේ පසුවන බව වෛද්‍යවරු සනාථ කරති.

Exit mobile version