ලබන සතියේ එන්නත් නැතිනම් ඊලඟ සතියෙ බස් ධාවනය නෑ… – ගැමුණු විජේරත්න

එළඹෙන සතිය අවසන් වන විට සියලුම පෞද්ගලික බස් සේවකයින්ට සහ අයිතිකරුවන්ට එන්නත ලබා දීමට රජය සුදුසු පියවර නොගන්නේ නම්, ඊලඟ සතියවන විට පුද්ගලික බස් මෙහෙයුම් නවතා දමන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය  අනතුරු හඟවයි.

එම සංගමයේ සභාපති ගැමුණු විජේර්තන් මාධ්‍යයට පවසා තිබුණේ සෞඛ්‍ය අංශවලට ලබා දී ඇති ප‍්‍රමුඛතාවය සහිතව එන්නත ලබා ගැනීම අවශ්‍ය බවය.

පුද්ගලික බස්රථවල සේවයේ යෙදී සිටින 45,000ක් පමණ පිරිසක් සිටින බවත් ඔවුන් සමගම පුද්ගලික බස් රථ හිමිකරුවන්ටද එන්නත ලබා දීමේ දී ප්‍රමුඛත්වයක් ලබා දිය යුතු බවත් ගැමුණු විජේරත්න අවධාරණය කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සම්බන්ධව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු සෞඛ්‍ය අංශයේ ඉහළ තැන්වලට අදාල දැනුවත් කිරීම් කර ඇති නමුත් එම ඉල්ලීම නොසලකා හරින බව පෙනෙන්නට ඇතැයි පවසන ඔහු ලබන සතිය තුළ රජය ක්‍රියා කරන ආකාරය මත පදනම්ව බස් රථ ධාවනය කරනවා ද නැද්ද යන්න තීන්දු කරන බව පැවසීය.

Exit mobile version