ලංකා රූ රැජණගේ සැකසහිත මරණය ගැන සොහොයුරා තොරතුරු සොයයි

1962 වසරේ ලංකා රූ රැජණ ලෙස නමක් දිනා පසුව බොලිවුඩ් චිත්‍රපට නිළියක ලෙසද කටයුතු කළ ජෙනිෆර් ඉන්ග්ලෙටන් මහත්මිය ගේ මරණය සැක සහිත බවත් අවසන් කාලයේ ඇය රැක බලාගත් පුද්ගලයා ඇයගේ සියලුම දේපළද සැක සහිත අන්තිම කැමති පත්‍රයකින් ලියා ගෙන ඇති බවත් පවසන ඔහුගේ සොහොයුරා මේ පිළිබඳව තමන් දන්නා කොරතුරු ඉදිරිපත් කරන ලෙස මහජනතාව ගෙන් ඉල්ලීමක් කරයි.

මීට ටික කලකට පෙර ජෙනිෆර් ඉන්ග්ලේටන් මහත්මිය මිය යන විට ඇය 78 වියේ පසුවූවාය. වැන්දඹුවක වන ඉන්ග්ලෙටන් මහත්මිය මෙරට කිසිදු දූ දරුවකු හෝ ඥාතියකු නොමැතිව බොරැල්ල ප්‍රදේශයේ නිවසක තවත් පුද්ගලයකුගේ උපකාර මත ජීවත් වී ඇත.

මේ වනවිට එංගලන්තයේ පදිංචි මෙරටට පැමිණ සිටින ඔහුගේ සහෝදරයා වන ටොනි හෝක් මහතා පවසන්නේ ඇය මිය ගිය ආකාරය පිළිබඳව යම් සැකයක් මතු වන බවයි.


ඇය ජීවත් ව සිට ඇත්තේ ඇය සහභාගී වූ නර්තන පන්තියක දී මිතුරු වූ පුද්ගලයකු සමඟිනි. මෙම පුද්ගලයා ඇය රැක බලා ගත බව පැවසෙන අතර පසු කලෙක මෙම පුද්ගලයා කිසිදු ආකාරයකින් මෙම කාන්තාව සමඟ ඇයගේ සමීප ඥාතීන්ට සම්බන්ධ වීමට අවස්ථාවක් ලබා දී නොමැති බව ඇයගේ සොයුරු ටෝනි පවසයි.

පසුගිය වසරේදී ඇය රෝගාතුර වී රෝහල්ගත කොට ඇති අතර රෝහලින් පිටවී ගිය පසු ඇයට තම පවුලේ ඥාතීන් සහ මිතුරු මිතුරියන් සමඟ ගත කිරීමට ඔස්ට්‍රේලියාවට යාමට අවශ්‍ය වුවද මෙම පුද්ගලයා ඇයට එම ගමන සඳහා ඉඩලබා දී නොමැත.

එසේම ඊට හේතු වන්නේ මෙම කාන්තාව රෝගාතුර වී රෝහල් ගත කොට සිට ඇති අතර එයින් නිවසට ගිය පසුව ඇයගේ ඥාතීන් කිසිවකුට ඇය සමඟ සම්බන්ධ වීමට අවස්ථාවක් ලබා දී නැත.

එසේම ඇයගේ ඥාතීන්ට අනුව ඇය අසනීප වන තෙක් ජෙනිෆර් මහත්මියට තම ජංගම දුරකථන භාවිත කිරීමට හෝ කිසිදු වෙනත් දුරකථන ඇමතුමක් ලබා ගැනීමට අවස්ථාවක් මෙම පුද්ගලයා විසින් ලබා දී නොමැති බවද සඳහන් වේ.

කෙසේ වුවද හෙළිව ඇති තොරතුරු අනුව අවසන් කැමැති පත්‍රයකින් ඇය සතු දේපළ මෙම පුද්ගලයා වෙත පවරා ඇති බවත් මෙම අවසන් කැමැති පත්‍රයේ කිසිදු ලිපිනයක් සඳහන් ‍නොවන පුද්ගලයන් පස් දෙනකු අත්සන් කොට ඇති බවත් සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් කටයුතු කරන නීතීඥ ඉයන් ප්‍රනාන්දු මහතා පවන්නේ ජෙනිෆර් ඉන්ග්ලෙටන් මහත්මියට අයත් නිශ්චල දේපළ සමබන්ධයෙන් ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ පවතින වාර්තාද අතුරුදන් වී ඇති බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එබැවින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස මේ වනවිට බොරැල්ල පොලිසියට පැමිණිලි කොට ඇති අතර යමකු අදාළ පුද්ගලයා සහ මෙම සිදුවීම පිළිබඳ ව යම් තොරතුරක් වෙතොත් 0722251749 හෝ 0112 432097 දුරකථන අංකවලට දැනුම් දෙන්නැයි නීතීඥ ඉයන් ප්‍රනාන්දු මහතා ඉල්ලා සිටී.

Exit mobile version