ලංකාවේ තේ අපනයනය කඩා වැටීමෙන් ඉන්දියාවට වාසි

ජාත්‍යන්තර තේ වෙළෙඳපොළේ ප්‍රධානතම සැපයුම්කරු වන ශ්‍රී ලංකාව මුහුණ පා තිබෙන අර්බුදකාරී වාතාවරණය නිසා ඉන්දියාවට නව වෙළෙඳපොළක් නිර්මාණය වන ඒඑන්අයි පුවත් සේවය වාර්තා කරයි.

ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන උඝ්‍ර ආහාර අර්බුදය, විදුලි කප්පාදුව හා විදේශ මුදල් හුවමාරු ගැටලු නිසා තේ අපනයනය කිරීමේ ගැටළුවකට මුහුණ දී ඇත. සාම්ප්‍රදායික ක්‍රමවේදයට තේ කොළ නිෂ්පාදනය කරන (ඕතොඩොක්ස් ටී) ශ්‍රී ලංකාව කිලෝග්‍රෑම් මිලියන 3ක පමණ තේ කොළ නිෂ්පාදනය කළ අතර ඉන් වැඩි ප්‍රමාණයක් යුරෝපයට හා ඇමරිකාවට යවනු ලැබීය.

එහෙත් පවතින තත්ත්වය සමඟ නිසි වේලාවට නිෂ්පාදනයන් අපනයන කිරීමට නොහැකි වීම හේතුවෙන් ගැනුම්කරුවන්ගේ අවධානය ඉන්දියාව වෙතට යොමුව ඇතැයි සිලිගුරි තේ වෙන්දේසි කමිටුවේ සභාපති කමල් කුමාර් තිවාරි පවසයි.


ලංකාවේ තත්ත්වය මේ විදියටම දිගටම පැවතුණොත් ඉන්දියාවේ තේ කොළ වෙළෙඳපොළ ඉහලට යනවා.. ඒ වගේමයි ගැනුම්කරුවන් බලාපොරොත්තු වෙන උසස් තත්ත්වයේ තේ කොළ අපිට නිෂ්පාදනය කරලා දෙන්නත් පුළුවන්.. මේ සමඟින් ඉන්දියාවේ ඕතොඩොක්ස් තේ වෙළෙඳපොළ වැඩිදියුණු වෙනවා.. තිවාරි මහතා සඳහන් කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


උතුරු බෙංගාලයේ තේ කර්මාන්තකරුවන් මඟ බලා සිටින්නේ ලංකාවේ ත්ත්තවය ඉන්දියාවට නව අවස්ථාවන් උදා කරන තුරුය. ලංකාවෙන් අවශ්‍ය තේ නොලැබෙන විට ගැනුම්කරුවන්ට ඉන්දියාව දෙසට හැරෙනු හැර වෙනත් විකල්පයක් නොමැති වග සිලිගුරිවල තේ වතු හිමිකරුවන් පවසයි.

Exit mobile version