ලංකාවෙන් පලා ගිය පවුලකට ඉන්දියාවේ සරණගාතභාවය ලැබෙයි…

දිනසේන රතුගමගේ –

කිළිනොච්චියේ සිට ඉන්දියාවට බෝට්ටුවක ආධාරයෙන් පලා ගිය එකම පවුලේ දෙමළ වැසියන් පස් දෙනෙකුට තමිල්නාඩුවේ සරණාගතභාවය ඊයේ ( 22 ) ලැබී තිබේ.

දිගු නිහැඩියාවකට පසුව මේ පිරිස ඉන්දියාවට පලා ගොස් ඇත්තේ ඇත්තේ කිළිනොච්චියේ බාරතීපුරම් ගම්මානයේ සිටය.
ඉන්දියාවේ රාමේෂ්වරම් සේරංකොට්ටේ වෙරළට ගොඩ බැසීමෙන් පසුව ඔවුන්ව තමිල්නාඩු පොලීසිය වෙත ගොස් බාර වී තිබේ.
පොලීසිය ඔවුන්ගෙන් ප්‍රශ්න කොට තමිල්නාඩු සරණාගත කඳවුරු නිලධාරීන්ට ඔවුන්ව බාර දී ඇත.

උතුරෙන් ගිය පිරිස ඔවුන්ගේ අනන්‍යතාවය ඔප්පු කොට තමිල්නාඩුවේ සරණාගතභාවය ලබා ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

මීට පෙර උතුරේ දෙමළ වැසියන් ඉන්දියාවට පලා යාම බෙහෙවින් වැඩි වී තිබූ අතර මේ වන විට එම තත්ත්වය නතර වී ගොස් තිබේ.
පසු ගිය කාලය තුල උතුරෙන් ඉන්දියාවට පලා ගොස් සරණාගතභාවය ලබා ගත් පිරිස 134 කි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන් දෙදෙනෙකු මත්ද්‍රව්‍ය හා මංකොල්ලකෑමේ සිද්ධීන් වලට හවුල් නිසා ආපසු උතුරට එවා තිබුණි.

Exit mobile version