ලංකාවට ආපු පොම්පියෝ යුද සමයේ අතුරුදන් වූ 20000 ගැනත් විමසිය යුතුයි…

යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින්ගේ ඥාතී සංගමයේ ලේකම්  එස්.රාජ්කුමාර් කියයි..

දිනසේන රතුගමගේ –

දිවයිනට පැමිණ සිටින ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ  යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින් සම්බන්ධයෙන් ඇමරිකාවට යවා ඇති ලිපිය සම්බන්ධයෙන්ද අවධානය යොමු කළ යුතුව ඇතැයි යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින්ගේ ඥාතී සංගමය ප්‍රකාශ කරයි.

වවුනියාවේදී මාධ්‍යවේදීන්ට අදහස් දැක් වූ එම සංගමයේ ලේකම්  එස්.රාජ්කුමාර්    කියා සිටියේ යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින් 20000 ක් පමණ සිටින බවත් ඔවුන්ට ඇමරිකානු රජය විසින් යම් සහනයක් සලසා දිය යුතු බවට මීට පෙර ඉල්ලීමක් කොට ඇති බවත්ය.

මේ වන විට දින 1350 ක් පමණ අඛණ්ඩව  තම සංගයේ පිරිස උතුරේ පළාත් කීපයක  විරෝධතාවයේ නිරත වන බව පැවසූ රාජ්කුමාර් කියා සිටියේ ඇමරිකාව යුද අපරාධ සෙවීම සඳහා විශාල උනන්දුවකින් කටයුතු කළ ආකාරයටම යුද සමයේදී අතුරුදහන් වූවන් සම්බන්ධයෙන්ද  තොරතුරු සොයා බැලීමක් සිදු කළ යුතු බවයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තම සංගමය ඇමරිකාවෙන් ඉල්ලා ඇත්තේ පුද්ගලයින් අතුරුදහන් කරවූ පුද්ගලයින්ට දඩුවම් ලබා දීමක් නොව ඔවුන්ගේ පවුල් වලට සහනයක් බවද යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින්ගේ ඥාතී සංගමයේ ලේකම්වරයා වැඩි දුරටත්  පැවසීය.

Exit mobile version