රෝහිණී ගුරු ඇඳුමට දීමනාවක් ඉල්ලයි – ඇමති සුසිල් වෙන ගැටයක් ගහයි!

rohini kawirathna

පාසල් ගුරුවර ගුරුවරියන්ට ඇඳුමක් වෙනුවෙන් දීමනාවක් ලබා දීම රජය මේ වනවිට මුහුණ දී ඇති ආර්ථික අපහසුතා අනුව සිදු කළ නොහැකි බවත් ඒ වෙනුවට යම් වැඩපිළිවෙළක් මේ වනවිට සැලසුම් කරමින් සිටියද ඒ පිළිබඳව දැනට හෙළි කළ නොහැකි බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසිය.

අමාත්‍යවරයා මේ ප්‍රකාශය කළේ සමගි ජනබලවේග මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රිනි රෝහිනි විජේරත්න කවිරත්න මහත්මිය ගුරුවරුන්ට ඇඳුම් සඳහා දීමනාවක් ලබා දීමට රජයෙන් කළ ඉල්ලීමට පිළිතුරු වශයෙනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා කිසිදු ගුරුවරියකට තමන් අඳින ඇඳුම පිළිබඳව කිසිදු ප්‍රශ්නයක් නොතිබූ අතර අනවශ්‍ය ගැටලුවක් මේ වනවිට නිර්මාණය කර ඇති බවය. ගුරුවරුන් සඳහා අනුගමනය කළ යුතු ආචාර ධර්ම පද්ධතියක් පවතින බවත් එහි කොතැනකවත් සාරි ඇදීම අනවාර්ය බවට සඳහනක් නොවුණද ගුරුවරුන් ලෙස තමන් හැඳ පැළඳිය යුත්තේ කෙසේදැයි මෙරට බහුතරයක් ගුරුවර ගුරුවරියන් දන්නා බවත් ප්‍රතාශ කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගුරුවරුන්ට දීමනාවක් ලබා දෙන ලෙස ඉල්ලීම කළ රෝහිණි කවිරත්න මන්ත්‍රීවරිය එහිදී තවදුරටත් සඳහන් කළේ ආන්ඩුවට යන යම් කුපාඩි පුද්ගලයකු ගරුවරියන්ට අපහාසාත්මකව කර ඇති ප්‍රකාශයක් පිළිබඳව සිය අප්‍රසාදය පළ කළාය. ඇය එහිදි සඳහන් කළේ මෙම පුද්ගලයා පාසල් ගුරුවරියන් සාරිය එපා යයි කියන්නේ පාසල අසළට එන පියටවරු සමඟ යාමේදී එය අපහසු බව පවසා ඇති බවයි.

Exit mobile version