රෝහල් අධ්‍යක්ෂවරු GMOA හැරයති…

සියලු වෛද්‍ය වෘත්තීය සංගම් GMOA අත්තනෝමතිකත්වයට එරෙහි පොදු අරමුණක් වෙනුවෙන් එක්වීමේ කථිකාවක්....

රොහල් අධ්‍යක්ෂවරු 120 කට අධික සංඛ්‍යාවක්  GMOA හැර වෙනත් වෘත්තීය සමිති වල සාමාජිකත්වය ලබාගෙන ඇතැයි වාර්තා වේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව තුළ ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු  කිරීමේ අවස්ථාවක් දිගින් දිගටම නොලැබී යෑමත්   වෙනස් මත දරන්නන්       රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉවත් කිරීම සහ ඔවුන් පීඩාවට ලක් කිරීමත්, රෝහල් පරිපාලන කටයුතු  සඳහා අනවශ්‍ය ලෙස මැදිහත්වීම ඇතුළු රාජකාරි මේ සහ බුද්ධිමය ගැටලු රැසක් මත මේ අන්දමට මෙම රෝහල් අධ්‍යක්ෂ වරුන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉවත් වී ඇතැයි පැවසේ.

මෙසේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් බිඳීගොස් පිහිටුවාගත් සෑම තලයකම වෛද්‍ය වෘත්තීය සමිති  ඒකාබද්ධව GMOA අත්තනෝමතිකත්වයට එරෙහි  පොදු අරමුණක් වෙනුවෙන් කටයුතු කරමින් යන බව ද වාර්තා වේ.


ශ්‍රී ලංකා රෝහල් පරිපාලකයන් ගේ වෘත්තීය සමිති සංගමය හෙවත් Association of Medical administrators (AMA) සංගමයේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසුවේ   රෝහල් අධ්‍යක්ෂවරුන්  50කට ආසන්න සංඛ්‍යාවක් මෑතක දී තම සංගමයේ  සාමාජිකත්වය ලබාගෙන ඇති බවය.

මෙම වෘත්තීය සංගමයේ සභාපතිවරයා ලෙස පේරාදෙණිය  ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අර්ජූන  තිලකරත්න  කටයුතු කරයි.

රෝහල් රැසක සහ මූලික රෝහල් රැසක රෝහල් අධ්‍යක්ෂවරුන්  හා වෛද්‍ය අධිකාරිවරු මෙම සංගමයේ සාමාජිකයන් ලෙස  කටයුතු කරමින් සිටිති.

පසුගියදා පිහිටුවා ගනු ලැබූ ශ්‍රී ලංකා  වෛද්‍යවරුන්ගේ වෘත්තීය සංගමය හෙවත් Doctors Association of Sri Lanka (DASL ) හි ද රෝහල් අධ්‍යක්ෂකවරුන් හා වෛද්‍ය අධිකාරිවරුන් 50 කට ආසන්න ප්‍රමාණයක් සාමාජිකත්වය ලබාගෙන ඇතැයි එම සංගමය කියයි.

මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාද නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාද ඇතුළු දිවයිනේ  ප්‍රමුඛ රෝහල් අධ්‍යක්ෂවරු  මෙම සංගමයේ සාමාජිකත්වය දරන බව එම සංගමය පවසයි.

රජයෙ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සාමාජිකත්වය දරන ලද විශේෂඥ වෛද්‍යවරු රැසක් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නම් නව වෘත්තීය සමිති ව්‍යාපාරයක්   බිහි කර ගනු ලැබීය.   විශේෂඥ වෛද්‍ය ලක්කුමාර ප්‍රනාන්දු  එම විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වරයා ලෙස කටයුතු කරයි.

වෛද්‍ය චමල් සංජීව සහ වෛද්‍ය ජයරුවන් බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් බිහි කරන ලද වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ ද සාමාජිකයන් ලෙස රෝහල් අධ්‍යක්ෂකවරුන් සහ වෛද්‍ය අධිකාරිවරුන් විසි දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් ඇතුළු වී ඇත.

මේ අනුව රෝහල් අධ්‍යක්ෂවරුන් සහ වෛද්‍ය අධිකාරීවරුන් සියයකට අධික  ප්‍රමාණයක් දැනට  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකත්වයෙන් ඉවත් වී වෙනත් වෛද්‍ය සංගම් වල ස්ථිර හෝ අනුබද්ධ සාමාජිකත්වය ලබාගෙන ඇති බව අප කළ විමසුමකට පිළිතුරු දුන් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව  පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තුළ පවතින අත්තනෝමතික හැසිරිම නිසා නිර්මාණය වූ ගැටලු රැසක් හේතුවෙන් මේ අන්දමට බොහෝ රෝහල් අධ්‍යක්ෂකවරුන් විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සාමාජිකත්වයෙන් ඉවත්ව වෙනත් වෘත්තීය සමිති ව්‍යාපාර නිර්මාණය කරද්දී පවතින තත්වයේ බැරෑරුම් කම තේරුම් ගැනීම වෙනුවට එසේ ඉවත් වන වෛද්‍යවරුන්ට සමාජ මාධ්‍ය ජාල හරහා අපහාස කිරීමේ වැනි පහත් ක්‍රියාවන් ට පමණක් වර්තමාන වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙළඹී සිටීම කනගාටුදායක බවද ඔහු  පැවසීය.

Exit mobile version