රුසියාවෙන් තෙල් ගන්න සූදානම ගැන අගමැතිගෙන් හෙළිදරව්වක්!

පවතින ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට ඉදිරියේදී රුසියාවෙන් ඉන්ධන ලබාගැනීමට සිදුවිය හැකි බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ  ඇසෝසීයේටඩ් ප්‍රෙස් (ඒ.පී) පුවත් සේවයට පවසා තිබේ.

අග්‍රමාත්‍යවරයා විසින් ඇසෝසීයේටඩ් ප්‍රෙස් පුවත් සේවයට විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් මේ බව ප්‍රකාශ කර ඇති අතර එහිදී ඔහු පෙන්වා දී ඇත්තේ ප්‍රථමයෙන් වෙනත් රාජ්‍යන්ගෙන් ඉන්ධන ලබා ගැනීමට අවාධනය යොමු කළද රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීමට ඇති හැකියාවද සලකා බලන බවයි.

මේ අතර ඉදිරියේදී මෙරට ආර්ථික තත්ත්වයට සහය ලබා ගැනීමට චීනයෙන්ද සහය ලබා ගැනීමට බලාපොරොත්තු වන බවද අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ  මෙහිදී පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය ශ්‍රී ලංකාව විසින්ම නිර්මාණය කරන ලද්දක් බවත් යුක්‍රේන යුද ගැටුම තත්ත්වය දරුණු අතට හැරවීමට හේතු වී ඇති බවත්  ඔහු    ප්‍රකාශ කර ඇත.


මෙහිදී සපුගස්කන්ද තෙල් පිරිපහදුව යලි ක්‍රියාත්මක කිරීමට  මෙට්‍රික් ටොන් අනූ දහසක බොරතෙල් රුසියාවෙන් ලැබීම සම්බන්ධනේ අගමැතිවරයා  අදහස් දැක්වීමක් නොකළ බවද ඒ.පී පුවත් සේවය සඳහන් කරන අතර තමන් තවත් බොරතෙල් ඇනවුම් යොමු කිරීමට නියමිතද යන්න දැණුම්වත් නොමැති බවද ප්‍රකාශ කර තිබේ.

මේ අතර තම රජය විසින් චීනය සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධනේ සාකාච්ඡා කරමින් සිටි බවද අග්‍රමාත්‍යවරවා මෙහිදී සඳහන් කර ඇත.

“ආර්ථික යලි ප්‍රකෘත්ති තත්ත්වයට පත්කිරීම සඳහා අපට අවශ්‍ය ව්‍යාපෘති මොනවාදැයි හඳුනාගෙන එම ව්‍යාපෘති සඳහා චීනයෙන් හෝ වෙනත් අයගෙන් ණය ලබා ගත යුතුයි. අපි සම්පත් යෙදවිය යුත්තේ කොතැනටද යන්න විමසා බැලිය යුතුයි” යනුවෙන්ද අග්‍රමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙරට ආර්ථික අර්බුදය 2019 වර්ෂයේදී රජය විසින් සිදු කළ බදු කප්පාදුව ඇතුළුව ගන්නා ලද වැරදි ආර්ථික ප්‍රතිපත්ති වල ප්‍රතිඵලයක් බවද වික්‍රමසිංහ මහතා එහිදී වැඩිදුරටත් පෙන්වා දී ඇත.

Exit mobile version