රුසියාවෙන් ඉන්දියාවට පැසසුම්

ජී 20 මුදල් අමාත්‍යවරුන්ගේ රුස්වීමපසු ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් තොරව අවසන් වීමෙන් පසුව ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් රුසියාව ඉන්දියාව සිය ප්‍රශංසාව පළකර තිබේ.

ඒ අනුව පසුගියදා ඉන්දියාවේ සභාපතීත්වයෙන් ඇරඹුණු ජී 20 මුදල් අමාත්‍යවරුන්ගේ රැස්වීමේදී චීනය සහ රුසියාව සම්බන්ධයෙන් එකිනෙකට වෙනස් වූ මත ඉදිරිපත් වී ඇති අතර එහිදී ඉන්දියාව ඉතා සාධනීය භූමිකාවක් ඉටු කර ඇති බවත් එහිදී ඉන්දියාව සියලු රවටල අවශ්‍යතා සහ තනතුරු සම්බන්ධයෙන් ඉතා සාධාරණ ලෙස සලකා බැලීමට කටයුතු කර ඇති බවද රුසියානු විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

කාලීන මූල්‍ය ගැටළු පිළිබඳ “සාරාංශික සංවාදයේ” ප්‍රතිඵලයක් ලෙස, ගෝලීය ආර්ථිකයට සහ මූල්‍ය වෙලඳපොලවලට අමතර ප්‍රබෝධයක් ලබා දීම සඳහා නිර්මාණය කර ඇති පුළුල් පරාසයක ඉල්ලුම් කරන ලද පියවරයන් සඳහා එකඟ වූ බවද රුසියාව එම නිවේදනයෙන් පැවසීය.


″පවතින තත්ත්වය තුල ඉන්දියාව ඉතා සමබර ප්‍රවේශයක් ඔස්සේ ආර්ථික වර්ධනයට සහය වීමට සහ තිරසාර සංවර්ධන ඉලක්ක අත්පත් කර ගැනීමටත් ගෝලීය වශයෙන් ඇතිවිය හැකි අභියෝග වලට සාර්ථික මුහුණ දීමට ඉන්දියාව විසින් ඉතා හොඳ පදනමක් නිර්මාණය කර තිබෙනවා.″ යනුවෙන්ද රුසියාව සඳහන් කර තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“අපගේ විරුද්ධවාදීන්, මූලික වශයෙන් එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ ජී හත, රුසියාව හුදකලා කිරීමට සහ ජාත්‍යන්තර ආරක්‍ෂාව සහ ගෝලීය ආර්ථිකය යන ක්ෂේත්‍රයේ ප්‍රකෝප කරන ලද ගැටළු සඳහා වරද අප මතට මාරු කිරීමට ඔවුන්ගේ ව්‍යාකූල උත්සාහයන් දිගටම කරගෙන යයි,” යනුවෙන්ද බටහිර රාජ්‍යන්ට දොස් පවරමින් රුසියාව වැඩිදුරටත් පැවසීය.

Exit mobile version