රුසියාවට ගිය අධ්‍යාපන ඇමතිට  පුටින්ගේ  රියදුරාව හෝ  හමුවෙන්න බැරි වුණා!

ජනාධිපතිවරයා විසින් රුසියාවේ ජනාධිපති පුටින්ට ලබා දුන් ලිපියක් ඔහුට භාර දීමට රුසියාවට ගිය අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ට පුටින් ජනාධිපතිවරයා තබා ඔහුගේ රියදුරුවත් හමුවන්නට අවස්ථාවක් නොලැබුණු බව රුසියාවේ හිටපු තානාපති  උදයාංග වීරතුංග මහතා පවසයි.  

ජනාධිපති රනිල් වික්‍රමසිංහ   රුසියානු ජනාධිපතිවරයාට  ලබා දුන් ලිපිය ඇමතිවරයා නැවතී සිටි හෝටලයේ තබා එන්නට ඇතැයි තමන් සිතන බවත් රුසියාවේ හිටපු තානාපතිවරයා තවදුරටත් කියයි.

චමුදිත සමරවික්‍රමගේ ටෘත් විත් චමුදිත යූ ටියුබ්  නාලිකාව සමඟ සාකච්ඡාවකට එක්වෙමින් හිටපු තානාපතිවරයා තවදුරටත් සඳහන් කළේ ශ්‍රි ලංකාවට ඉන්ධන ගෙන්වීම සහා රුසියානු රජයෙන් ණය සහන ලැබුණු බව රුසියාවට ගිය දූත පිරිස ප්‍රකාශ කළද තමන් දන්නා පරිදි එවැනි කිසිදු සහන ණයක් ලබා දීමට එරට රජය එකඟ වී නොමැති බවද වීරතුංග  අවධාරණය කළේය.

ශ්‍රි ලංකාවට ණය සහන යටතේ ඉන්ධන ගෙන්විමට ශ්‍රි ලංකා දූත පිරිස ගත් උත්සාහය අසාර්ථක වූ බවත් මෙම ගමන සඳහා ගිය කණ්ඩායමෙන් එක් අයකුට ගුවන් ටිකට් පත් සඳහා රුපියල් මිලියන 3 බැගින් වැයවී ඇති අතර ඩොලර් 4000 සෙසු වියදම් සඳහා වැය කර ඇති බවත් ඔහු අනාවරණය කළේය.


හිටපු තානාපතිවරයා එපමණ වියදමක් කළද  කිසිම ඛනිජ තෙල් නිෂ්පාදනයක් ණය සහන මත ලබා දීමට රුසියාව සූදානම් නොවන බවත් පෙර අත්තිකාරම් ගෙවා මෙම නිෂ්පාදන ශ්‍රී ලංකාවට ලබා  ගන්නා   රුසියානු  බලධාරීන් දැනුම් දී ඇති බවත් ඔහු මෙහිදී සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම සංචාරයේදී අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස සුසිල් ප්‍රෙමජයන්තට රුසියානු රජය සමඟ එකඟවී තිබූ විශ්ව විද්‍යාල සිසුන් හුවමාරු කිරීමේ ගිවිසුමක්  අත්සන් කිරීමට හැකියාව තිබූ නමුත් ඒ සඳහාවත් උනන්දුවක් නොතිබූ බවත් මේ තත්ත්වය නිසා මේ ඩොලර් හිඟ කාලයේ විදේශ විනිමය වැය කරමින් අනවශ්‍ය සංචාරයක් රුසියාවේ සිදු කර ඇති බවත්  උදයාංග වීරතුංග  චෝදනා කළේය.

Exit mobile version