රහසිගතව තිබූ යුගදනවි ගිවිසුම අනුරට ලැබුණු හැටි ගැන සොයා බලයි!

ඊයේ ජාතික ජන බලවේග  පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින්  පාර්ලිමේන්තුවේ සභාගත කළ යුගදනවි බලාගාරය සම්බන්ධව ඇමරිකානු නිව් ෆෝට්‍රස් සමාගම සහ රජය විසින් අත්සන් කරනු ලැබූ ගිවිසුමේ පිටපත් ඔහු වෙත ලැබී ඇති ආකාරය පිළිබඳව විශේෂයෙන් සොයා බලන්නට කටයුතු කර ඇතැයි රජයට සම්බන්ධ ආරංචි මාර්ග පවසයි.

එම ගිවිසුම සම්බන්ධව කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා කිරීමට සූදානම් කර තිබුණේ ලබන සඳුදා බව එම ආරංචි මාර්ග කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ගිවිසුම සම්බන්ධව 27/2 වගන්තිය යටතේ ප්‍රකාශයක් කර අවස්ථා ගණනක් එය පාර්ලිමේන්තුවේ සභාගත කරන ලෙස ඉල්ලා තිබුණත්  එය පාර්ලිමේන්තුවට ලබා දී තිබුණේ නැත.


Exit mobile version