රනිල් දිරච්ච ගහක් වගේ කඩාවැටුණු දේශපාලකයෙක්…

sarath

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රනිල් වික්‍රමසිංහ යනු දිරච්ච ගසක් සේ කඩා වැටුණු දේශපාලකයෙක් බව සමගි ජනබලවේගයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි.

රනිල් වික්‍රමසිංහ වැන්නෙක් පාර්ලිමේන්තු පැමිණීම සමගි ජනබලවේගයට කිසිසේත්ම අදාල නැති බවත්, තමන් එය ප්‍රශ්නයක් ලෙස නෙදකින බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ඔහු සමග එක්වීමට සමගි ජනබලවේගය තුළ නම් කිසිවෙක් නැති බවත්, තමන් විසින් අත්හැර පැමිණි එක් පුද්ගලයෙක් පසුපස නැවත දුවන්නට කිසිවෙකුට පිස්සු නැති බව ඔහු වැඩිදුරටත් පවසයි..

සරත් ෆොන්සේකා මේ බව ප්‍රකාශ කළේ   සමගි ජනබලවේගයේ විශේෂ රැස්වීමකින් අනතුරුව විපක්ෂ නායක කාර්යාලය ඉදිරිපිට දී මාධ්‍යවේදීන් අමතමිනි.

Exit mobile version