රනිල්ට බෑ කිව්වොත් සජබ සහ පොහොට්ටුව කැඩෙන ලකුණු …

ජාතික ජන බලවේගයට හොඳ උත්තරයක් දෙන්න ව්‍යවස්ථාවෙන් රිංගා මැතිවරණ කල් දැමීමේ උත්සාහය අඛණ්ඩව ක්‍රියාත්මක බව දේශපාලන ආරංචි මාර්ග හෙළි කරයි...

RanilW

ඊළඟ ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වන්නේ නම් ඔහුට සහායෝගය දැක්වීමට   ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රී මන්ත්‍රීවරු තීරණය කර ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති රුවන් විජේවර්ධන අද මහනුවර දී පැවසුවේය.

ඔහු පවසන්නේ මේ වනවිට පවත්වාගෙන යන සාකච්චා අනුව පොහොට්ටුවේ සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සිය කැමැත්ත ප්‍රකාශ කර ඇති  බවය.

අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ  සියලු දෙනාට පිළිගත හැකි පොදු සලකුණකින් මැතිවරණයට ඉදිරිපත් වන ලෙස රනිල් වික්‍රමසිංහට දැනටමත් ආරාධනා ලැබී ඇති බවය.

කෙසේ වෙතත් මේ වනවිට ජාතික ජන බලවේගය වටා ගොඩනැගෙමින් ඇති ජනතා බලයට පිළිතුරු ලබා දීමට හැකි සෑම ආකාරයකින්ම අණ්ඩුවට සමගාමී දේශපාලන ධාරාවන් එක් කරගැනීමට කටයුතු කරන අතරම අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂගේ නෛතික එළඹුම් යටතේ ව්‍යවස්ථාවේ පුංචි හෝ අවකාශයක් සොයා යමින් මැතිවරණ දෙකම කල් දමා ගැනීමේ මෙහෙයුමක් ද ආරම්භ වී ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් රටේ සිවිල් ජන කණ්ඩායම් සහ ව්‍යවස්ථා විශාරදයින් අවධාරණය කරන්නේ දින වකවානු සහිතව ව්‍යවස්ථාවේ ප්‍රකාශිත ජනාධිපතිවරණය මගහැරීමට අධිකරණයට ව්‍යවස්ථා දායකයට හෝ විධායකයට කිසිම අවකාශයක් නැති බවය.

Exit mobile version